“CEYLON HOLISTIC” ශ්‍රී ලංකාවේ පෙරළිකාර සෞඛ්‍ය ආරක්ෂකයා

Ceylon Holistic යනු ආයුර්වේදය, සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව, සිද්ධ, යුනානි සහ තවත් බොහෝ වෛද්‍ය ක්‍රම කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාධ්‍යයෙන් සෞඛ්‍ය සේවා සපයනු ලබන පුරෝගාමී ආයතනයකි.

COVID-19 වසංගතය හේතුවෙන් දුරස්ථ භාවය ආරක්ෂා කර ගනිමින් සෞඛ්‍ය සේවා සැපයීම සඳහා මෙම ඩිජිටල් වෛද්‍ය සායන ක්‍රමවේදය ආරම්භ කෙරිණි. වසංගතය හේතුවෙන් වෛද්‍ය වෘත්තිකයන් සහ රෝගීන් අතර ඇතිවන සබඳතා බිඳ වැටීම වැළක්වීම එහි මුලික අරමුණ විය. ඒ හරහා විශේෂයෙන් බෝ නොවන රෝගවලින් පෙළෙන අය සහ වෛරසයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති කණ්ඩායමක් ලෙස හඳුනාගනු ලැබූ වයෝවෘද්ධ පුද්ගලයින්ට සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ අපහසුතාවය නිම කරමින් අඛණ්ඩ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට අවස්ථාව සලසන ලදී. HackaDev වැඩසටහන Ceylon Holistic සමාගමට තාක්ෂණික සහ මූල්‍යමය වශයෙන් සහාය දක්වයි. එය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තරුණ හා නවෝත්පාදන වැඩසටහනකි. එමඟින් මෙරට තරුණ තරුණියන් වඩාත් නව්‍ය ව්‍යවසායකයින් බවට පත් කිරීමට අවශය සවිබලය ලබා දෙමින් වඩාත් හදිසි සංවර්ධන අභියෝගයන් තිරසාර ලෙස විසඳීමට ශ්‍රී ලාංකික මීළඟ පරම්පරාවට නායකත්වය ලබා දෙයි.

HackaDev Enterprise Support Program (HESP) යනු COVID-19 වසංගතයෙන් පීඩාවට පත් වූ HackaDev ආදි ශිෂ්‍ය ජාලයේ ව්‍යවසායන් යළි ගොඩනැගීම සහ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණු කරගත් වැඩසටහනකි. එමගින් 2020/21 වසරේදී ව්‍යවසායන් 15කගෙන් යුතු වැඩසටහනේ සාර්ථක පළමු කණ්ඩායම සඳහා මාස 06ක පුළුල් සංවර්ධන සහාය ලබා දුන්නේය. HESP යටතේ Curve Up ආයතනය මෙම ආධාරක ක්‍රියාවලිය කළමනාකරණය කිරීම සහ මුලික ආධාර කළමනාකරණ හා විශේෂඥ සේවා සපයන්නා ලෙස ක්‍රියා කරයි. ඒ අනුව එම වැඩසටහන සාර්ථකව නිම කිරීමට දායක වෙමින් ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යවසායකත්ව ගමනේදී අවශ්‍ය සහය සහ සාර්ථක මගපෙන්වීම ලබා දීමට සමත් වී ඇත.

Ceylon Holistic විසින් ජනතාවගේ ශාරීරික, මානසික, අධ්‍යාත්මික සහ සමාජීය යහපැවැත්ම ඇතුළු පරිපූර්ණ සුවතාවය වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් යුතුව මෙම ඩිජිටල් සෞඛ්‍ය සේවාව ආරම්භ කල අතර එමගින් දින හතම පැය විසි හතර පුරා ක්‍රියාත්මක සායනික සේවාවන්, virtual උපදේශන සහ  වෛද්‍ය උපදෙස්, online pharmacy, පුද්ගලික වෛද්‍යාධාර ලබා දීම ඇතුළු පුළුල් පරාසයක telehealth සේවාවන් සපයයි. මේ හරහා Ceylon Holistic වසංගතය මධ්‍යයේ ආරක්ෂිත පද්ධතියක් ලෙස ක්‍රියාකරනු දැකිය හැකිය. එය තිරසාර යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සහ ඒ පිළිබඳව දැනුවත් කිරීම කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කෙරෙන විවිධ වූ වෛද්‍ය ක්ෂේත්‍ර ඒකාබද්ධ කරන ලද වේදිකාවකි.

 Ceylon Holistic හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය උමේෂා විතානාච්චි මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “වසංගතය මධ්‍යයේ සමතුලිත සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට වැඩි පිරිසක් යොමු වන බැවින් සමස්ථ යහපැවැත්මම අප විසින් එකම වේදිකාවකට රැගෙනවිත් තිබෙනවා. ජනතාව කායික, මානසික, අධ්‍යාත්මික හා සමාජීය ජිවිතයේ සෑම ක්ෂේත්‍රයකම ගුණාත්මක බවේ වැදගත්කම පිළිබඳව පුළුල්ව දැනුවත් වෙමින් සිටින අතර අපගේ Ceylon Holistic සන්නාමය මේ සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් ඇති කිරීමට සමත් වී තිබෙනවා. මෙම වසංගත සමයේදී Ceylon Holistic මගින් ජනතාව අදාළ සෞඛ්‍ය වෘත්තිකයන් සමඟ සම්බන්ධ කරමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කරමින් සිටින බව අපි විශ්වාස කරනවා. මෙම ඩිජිටල් සෞඛ්‍ය සේවා වේදිකාව COVID-19 පැතිරීම වැලැක්විමට සහය දෙන අතර  ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා විසඳුම් ලබා දෙනු ලබනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ UNDP හි ප්‍රතිපත්ති සහ සබඳතා කණ්ඩායමේ, දැනුම කළමනාකරණය සහ වාර්තාකරණ සහකාරිනිය වන, කිත්මිණි නිශ්ශංක මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. “UNDP, එහි HackaDev වැඩසටහන හරහා virtual medical උපදේශන වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා වූ ගමනේදී Ceylon Holistic වෙත සහය දැක්වීමට හැකි වීම පිළිබඳව බෙහෙවින්ම සතුටු වෙනවා. උපදේශන වේදිකාවේ මුලික අරමුණ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සහ සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල් යුගයට ගෙන යාමයි. ආචාර්ය උමේෂා සහ ඇයගේ කණ්ඩායමට මෙම සාර්ථක ව්‍යවසායක ගමනට සුබ පැතුම් එක් කරනවා. එසේම අපගේ HackaDev වැඩසටහන ශ්‍රී ලංකාවේ සමාජීය නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරමින් තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීම සඳහා මෙරට තරුණ තරුණියන්ට සහ Ceylon Holistic වැනි ඔවුන්ගේ නවෝත්පාදනයන්ට අඛණ්ඩව සහාය දක්වන බව සතුටින් දන්වන්න කැමතියි.”

රටට බෙහෙවින්ම ප්‍රයෝජනවත් ව්‍යවසායක් වන Ceylon Holistic හි ක්‍රියාකාරිත්වය වසංගතය හේතුවෙන් පසුබෑම් කිහිපයකට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ සුවතා සංචාරක ක්ෂේත්‍රය දක්වා ද විහි දී යයි. වසංගතය හේතුවෙන් ආයුර්වේද සේවා පසුබැසීම සහ සංචාරක ආශ්‍රිත ක්ෂේත්‍රවල වෛද්‍ය වෘත්තිකයන්ට ඔවුන්ගේ රෝගීන් සමඟ සම්බන්ධ වීමට වේදිකාවක් නොමැති වීම හේතුවෙන් අපහසුතාවයට පත් වූ අතර ඊට විසඳුම් ගෙන දෙමින් පැමිණි Ceylon Holistic ඩිජිටල් වේදිකාව දේශීය හා ජාත්‍යන්තර වෘත්තිකයන් සඳහා අවශ්‍ය ඩිජිටල් පහසුකම් සැලසීම හේතුවෙන් ඉතා ජනප්‍රිය විය. මෙම ඩිජිටල් වේදිකාවේ සාමාන්‍ය රෝහල්/පෞද්ගලික බෙහෙත් ශාලා වල රෝගීන් හැරුණු විට පුළුල් වූ රෝගී පදනමක් ඇති අතර රෝගීන්ගේ වෛද්‍ය ඉතිහාසය පවත්වා ගැනීමට ඉඩ කඩ සහ ලිපි සහ පර්යේෂණ පළ කිරීමට බ්ලොග් අඩවියකින්ද යුක්තය.

Ceylon Holistic මේ හරහා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අනුගත වීමට මිනිසුන් දිරිමත් කිරීමට බලාපොරොත්තු වන අතර විවිධ වෛද්‍ය ක්ෂේත්‍ර ගණනාවක එකතුවක් ලෙස වටිනා තොරතුරු, සම්පත් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ගෙන එන පහසුවෙන් ප්‍රවේශ විය හැකි ඩිජිටල් වේදිකාවක් බවට පත් වීමට කැපවී සිටී. විශේෂයෙන්ම එයින් නොනැවතී එය ලොව පුරා සිටින පරිපූර්ණ වෛද්‍ය වෘත්තිකයන් සඳහා සිය වේදිකාව විවෘත කරමින්, විදේශීය ප්‍රතිකාර ක්‍රම අත්විඳීමට දේශීය ජනතාවට අවස්ථාව ලබා දීමෙන් සිය ගෝලීය ගමන් මගද පුළුල් කිරීමට නිරතුරුව උත්සාහ ගනිමින් ඇත.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීම සඳහා සිය හැකියාවන් වර්ධනය කර ඇති Ceylon Holistic සෞඛ්‍ය සම්පන්න අනාගතයක් බිහි කිරීමට අඛණ්ඩව උත්සාහ කරයි.  එහි අවසාන ඉලක්කය වන්නේ දිගුකාලීනව බෝ නොවන රෝග වැලැක්වීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන පරිපූර්ණ ජීවන රටාවකට හුරු වීම සඳහා ජනතාවට උපකාර කිරීමයි.

UNDP, එහි හවුල්කරුවන් සමඟ එක්ව HackaDev  වැඩසටහන හරහා ස්ථිරසාර ක්‍රියාමාර්ග ගනිමින් ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට කැපවී සිටින අතර, වසංගතයෙන් සහ සැලකිය යුතු සමාජ ආර්ථික බලපෑම්වලින් නැගී සිටීමට ඔවුන්ට සහය දැක්වීමට බලාපොරොත්තු වේ.

වැඩි විස්තර සඳහා www.ceylonholistic.com වෙත පිවිසෙන්න.

Share

You may also like...