ශ්‍රී ලාංකේය දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් සනිටුහන් කරමින් ALTAIR විවෘත වේ

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායන් වෙනස් මගකට යොමු කරමින් ක්ෂේත්‍රයට නවතම අත්දැකීමක් එක්කරමින්, කොළඹ නගරයේ ගොඩ නැඟුණු ඇල්ටෙයාර් (ALTAIR) ගොඩනැගිල්ල පසුගියදා (ඔක්තෝබර් 27) ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් විවෘත විය.  

කොළඹ නගරයේ ඉදිවූ අති සුන්දර ගෘහ නිර්මාණ ශිල්පයෙන් අනූන බහුමහල් මිශ්‍ර සංවර්ධන නිවාස ව්‍යාපෘතියක් වන ALTAIR, ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශ ආයෝජන (FDI) ව්‍යාපෘතියක් වේ. ආර්ථිකමය වශයෙන් විශාල වැදගත්කමක් ඇති මෙම ප්‍රධාන ව්‍යාපෘතියේ සංවර්ධක වන්නේ ඉන්දියානු සමාගමක් වන South City Group Kolkata ය.  මෙම ව්‍යාපෘතිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගීතාවය පෙන්නුම් කරන වැදගත් සලකුණකි.

සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව පැවැත්වුණු නිල විවෘත කිරීමේ උත්සවය සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්, තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ සහ ඩිජිටල් තාක්ෂන හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා, ආචාර්ය නාලක ගොඩහේවා මහතා, සිරිනිමල් පෙරේරා මහතා (විශේෂ බලයලත් නිලධාරි- Altair ව්‍යාපෘතිය ), සුෂිල් මෝතා මහතා, ජුගල් ඛෙටාවත් මහතා, රාජේන්ද්‍ර බච්චාවත් මහතා, ප්‍රකාශ් බච්චාවත් මහතා (South City Projects Kolkata Ltd හි අධ්‍යක්ෂ / කොටස් හිමි) සහ මන්මෝහන් බග්‍රී මහතා (අධ්‍යක්ෂ – Indocean Developers Pvt Ltd) ඇතුළු සම්භාවනීය අමුත්තන් එක්විය. 

සියළු පහසුකම්වලින් සමන්විත ALTAIR නේවාසික හා වාණිජ වෙළඳ සංකීර්ණයේ, දැනටමත් අලෙවි කරන ලද නිවාස ඉදිරි සති කිහිපය තුළ හිමිකරුවන්ට නිල වශයෙන් භාර දීම සිදුකරනු ඇත.  කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ වූ අභියෝග මධ්‍යයේ වුවද, මෙම ව්‍යාපෘතිය පසුගිය මාස කිහිපයක කාලය පුරාවට අත්කරගත් ප්‍රගතිය පිළිබඳ මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන සංවර්ධක වන Indocean (Pvt) Limited, (South City Projects -Kolkata Ltd හි අනු සමාගමකි), සතුටු වන අතර, එහිදී ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු සුවිශේෂී දායකත්වය ඔවුන් අගය කර සිටියි. 

මෙම ආකර්ශනීය නිර්මාණයේ නිර්මාතෘ වන්නේ, ලෝක ප්‍රසිද්ධ වාස්තු විශේෂඥ මෝශේ සාෆ්ඩී (Moshe Safdie). Moshe Safdie යනු ලොව වඩාත්ම පිළිගැනීමට ලක්ව සිටින විශිෂ්ට ගනයේ වාස්තු විද්‍යාඥයෙකි.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායන් වෙනස් මගකට යොමු කරමින් කලාත්මක ආකාරයට ඉදිකරන ලද සියළු පහසුකම්වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය නේවාසික සහ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කරන ලදී. අක්කර දෙකක භූමි භාගයක වර්ග අඩි මිලියන 1.5ක ALTAIR ගොඩනංවා ඇති අතර, එය මහල් 68 කින් සමන්විත වන අතර, එහි අති සුඛෝපභෝගී නිවාස 404 ක් ඉදිකර ඇත. උසස් ජීවන රටාවක් බලාපොරොත්තු වන ඕනෑම අයකුට ALTAIR, සුවිශේෂී වනු ඇත. 

Share

You may also like...