පිච්ච සහ කස්තුරි කහ සාරයන්හි සුවගුණ සමඟින් බේබි ෂෙරමි හර්බල් ලෝෂන් වෙළඳ පොළට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසකගේ ආදරය ලබන ප්‍රමුඛතම ළදරු නිෂ්පාදන සන්නාමය වන බේබි ෂෙරමි, දශක හයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය මව්පියවරුන්ගේ විශ්වාසය දිනාගනිමින්, දරු පැටවුන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සනාථ කරමින් පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන රැසක් වෙළඳ පොළට හඳුන්වා දී ඇත. 

වර්තමානයේ බොහෝ මව්පියවරුන් සිය දරු පැටියාගේ සමට වඩාත් සුදුසු ලෝෂන් සහ ක්‍රීම් වර්ග තෝරාගැනීමට යාමේදී එහි අඩංගු දෑ පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කරයි. විශේෂයෙන් බිලිඳු සමට ගැළපෙන ස්වභාවික ශාක සාරයන්ගෙන් සමන්විත ලෝෂන් වර්ග භාවිත කිරීම සඳහා වර්තමාන මව්පියවරුන් දැඩි කැමැත්තක් දක්වන බවද පෙනී යයි. මව්පියවරුන්ගේ මෙම අභිරුචීන් පිළිබඳ සලකමින්, ස්වභාවික ශාකසාර වලින් අනූන ළදරු නිෂ්පාදන අඛණ්ඩව වෙළඳ පොළට ඉදිරිපත් කරමින් සිටින බේබි ෂෙරමි ඔවුන්ගේ නවතම හර්බල් ලෝෂන් හඳුන්වා දීම පසුගියදා සිදු කරන ලදී.

ක්‍රීම් සහ ලෝෂන් නිෂ්පාදන කාණ්ඩය තව දුරටත් පුළුල් කරමින් හඳුන්වා දුන් නවතම බේබි ෂෙරමි හර්බල් ලෝෂන්, පිච්ච සහ කස්තුරි කහ යන ඖෂධීය ශාක සාර ද්විත්වය සංකලනය කරමින්, ඉහළම තත්ත්ව ප්‍රමිතීන්ට අනුගත වෙමින් නිෂ්පාදනය කර ඇත. ඖෂධීය ගුණයන්ගෙන් යුත් පිච්ච සහ කස්තුරි කහ අතීතයේ සිටම දෙමව්පියන් විසින් පැටියාගේ සම පිරිසිදු කිරීමට මෙන්ම සුවඳවත් කිරීමට යොදා ගෙන ඇත.

 ප්‍රධාන වශයෙන්ම සිඟිති සමට පෝෂණයත්, නිරෝගී පෙනුමත් ලබාදීමේ ප්‍රමුඛ අරමුණ ඇතුව නිපදවූ නවතම හර්බල් ලෝෂන්හි අඩංගු පිච්ච සාරය පැටියාගේ වියලි සමේ තෙතමනය රඳවමින් පෝෂණය කර, සුවඳවත් කරන අතර, මෙහි අඩංගු කස්තුරි කහ සාරය පැටියාගේ සම දීප්තිමත් කරමින්, දවස පුරා ප්‍රබෝධමත් කරයි. 

ශ්‍රී ලංකාවේ පවතින වියලි කාලගුණික තත්වයන් බිළිඳු සම වියලීමට ඇති ඉඩ ප්‍රස්තාවන් වර්ධනය කරන අතර, මෙහිදී විශේෂයෙන්ම දරුවාගේ සංවේදී සම ආරක්ෂා කරගැනීම සඳහා දෙමව්පියන් විසින් ක්‍රීම් සහ ලෝෂන් භාවිතයට හුරුවී ඇත.  මෙහිදී දරුවාගේ සම සඳහාම වෙන්වූ, ඉහළම ප්‍රමිතිගත අමුද්‍රව්‍ය භාවිත කරමින් සැකසු ලෝෂන් වර්ග රැසක් බේබි ෂෙරමි විසින් හඳුන්වා දී ඇත. මෙහිදී මෑතකදී හඳුන්වා දුන් පිච්ච සහ කස්තුරි කහ සාරය මුසුවූ නවතම හර්බල් ලෝෂන්, පැටියාගේ සමට ඉතාමත් හොඳින් උරාගනිමින්, නිරෝගී සහ මෘදුවන් සමක් පැටියාට හිමිකර දීමට සමත්ය. 

සුවහසක් ආදරණිය දෙමව්පියන් වෙනුවෙන් තිලිණ කෙරෙන බේබි ෂෙරමි හර්බල් ලෝෂන්, බිලිඳු සමේ pH අගයට ගැළපෙන ලෙස නිපදවා ඇත. IFRA අනුමත සුවඳ පමණක් අඩංගු කරමින් නිපදවා ඇති බේබි ෂෙරමි හර්බල් ලෝෂන්, ළදරු සමට අහිතකර පැරබන්, පෙට්‍රෝලියම් තෙල් හා ෆෝමල්ඩිහයිඩ් වලින් තොරය.

දශක හයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය මව්පියවරුන්ගේ ප්‍රියතම තේරීම වූ  බේබි ෂෙරමි, දරුපැටවුන්ගේ ආරක්ෂාවත්, මව්පියවරුන්ගේ විශ්වාසයත් සුරකමින් වෙළඳ පොළ වෙත බේබි සබන්, ෂැම්පු, කොලොන්, ලොන්ඩ්‍රි වොෂ් පව්ඩර්, ලොන්ඩ්‍රි වොෂ් ලික්විඩ්, බොට්ල් වොෂ්, කොටන් බඩ්ස්, ඔයිල්, ඩයපර් සහ වෙට් වයිප්ස්, නැපි රෑෂ් ක්‍රීම්, බේබි ගිෆ්ට් බොක්සස් ඇතුළු පුළුල් පරාසයක විහිදුනු නිෂ්පාදන රැසක් ඉදිරිපත් කර ඇත. ශ්‍රී  ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම ශ්‍රේණිගත කරන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා සමගින් එක්වෙමින් LMD සඟරාව මගින් ප්‍රකාශයට පත් කෙරුණු LMD Brands Annual හි 2021 වර්ගීකරණයේ,  ආදරණීයම ළදරු නිෂ්පාදන සන්නාමය බවට පත්වීමටද බේබි ෂෙරමි හට හැකි විය.  බේබි ෂෙරමි පිළිබඳ වැඩි දුර විස්තර සඳහා www.babycheramy.lk/ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share

You may also like...