පහසු අන්තර්ජාල මිලදී ගැනීමේ අත්දැකීමක් සඳහා BIG BAD WOLF Books, SHOPIFY සමඟ හවුල්කාරිත්වයකට

Big Bad Wolf ඔන්ලයින් පොත් අලෙවිය නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ රට පුරා සිටින පොත් ලෝලීන් විශ්මයට පත් කරමිනි. මෙවර වුල්ෆ්, ඊ-වාණිජ්‍යය දැවැන්තයෙකු වන Shopify සමඟ හවුල්කාරිත්වයකට පැමිණ සිය Wolf Pack පිරිවර සඳහා සුමට හා අමතක නොවන සාප්පු සවාරි අත්දැකීමක් ගෙන එයි! මෙය ශ්‍රී ලංකාවට පැමිණෙන හයවන අවස්ථාව වන අතර, ඔන්ලයින් ක්‍රමය හරහා පැමිණෙන තුන්වන අවස්ථාව සහ  මෙම වසරේ දෙවන අවස්ථාව වේ.

නිශාන් වාසලතන්ත්‍රී – අධ්‍යක්ෂ Pro Read Lanka (Pvt) Ltd සහ Partner Big Bad Wolf Books Sri Lanka විසින් Big Bad Wolf හි සම-නිර්මාතෘවරුන් වන ජැක්ලින් එන්ග් සහ ඇන්ඩෘ යාප් සමඟ අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම සංස්කරණය 2021 ඔක්තෝබර් 28 වන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් Pro Read Lanka (Pvt) Ltd හි අධ්‍යක්‍ෂ සහ Partner Big Bad Wolf Books Sri Lanka  නිශාන් වාසලතන්ත්‍රි මහතා මෙසේ ප්‍රකාශ කළේය: “මෙවර e-commerce අංශයේ දැවැන්තයෙකු වන Shopify හි සහාය ඇතිව Big Bad Wolf ඔන්ලයින් පොත් අලෙවිය නැවත වරක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මෙවර මුළු සාප්පු සවාරි අත්දැකීමම කෙතරම් කාර්යක්ෂමව වෙහෙසකින් තොරව සිදුවේවිද යන්න පිළිබඳව Big Bad Wolf  සතුටු වන බව අපට විශ්වාසයි. මෙම ඔන්ලයින් අලෙවියේ ශ්‍රී ලංකාව තුළ සිදුවන සියලුම ගණුදෙණු, සුමට ලෙස Shopify විසින් විධිමත් වෘත්තීයමය ආකාරයෙන්  හසුරුවනු ඇත.”

මීට අමතරව, රසිකයින්ට සියලුම ප්‍රභේද හරහා නව පොත්  රාශියක් අපේක්ෂා කළ හැකිය, නත්තල් සැණකෙළියට  ආසන්න වන බැවින් Big Bad Wolf සුවිශේෂී ආකාරයකින් පැමිණීමට නියමිතය!

Big Bad Wolf Books හි සම-නිර්මාතෘ ඇන්ඩෘ යාප් මහතා මෙසේ පැවසීය “සියලු දෙනාටම ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කර ගැනීම සඳහා පමණක් නොව ඔවුන්ගේ රසවින්දනය සඳහා ගුණාත්මක ඉංග්‍රීසි පොත් සඳහා ප්‍රවේශය ලබා දීම Big Bad Wolf Books හි අපගේ මෙහෙවරයි. සියලුම ශ්‍රී ලාංකිකයින්ට ප්‍රීතිය සහ දැනුම බෙදා හැරීම සඳහා අපි නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළේ ඒ නිසයි”

ඔන්ලයින් අලෙවියේදී ඇණවුම් කරන ලද සියලුම පොත් නත්තල් පැමිණීමට පෙර රසිකයින් වෙත ලබා දෙන බවට ද Big Bad Wolf Books පොරොන්දු වෙයි. Wolf pack හට Wolf විසින් පිරිනමනු ලබන වට්ටම් සහ දීමනා වලට අමතරව සතුට, දැනුම සහ සුවිශේෂී  මාතෘකා වලින් පිරුණු පොත් වලින් සපිරි විනෝදජනක නත්තලක් මේ වසරේ බලාපොරොත්තු විය හැක!

Big Bad Wolf Books හි සම-නිර්මාතෘ ජැක්ලින් එන්ග්  තවදුරටත් පැවසුවේ  “Wolf pack හට අමතක නොවන අත්දැකීමක් ලබා දීම සඳහා Shopify සමඟ හවුල් වීමට අපි තීරණය කළෙමු. වුල්ෆ් පැක් හට ඔවුන් දන්නා ආකාරයේ  දැවැන්ත වට්ටම් සහ දීමනා පමණක් නොව, නවතම වේදිකාවක් මත වුල්ෆ් දැක බලා ගැනීමට ද මෙවර හැකි වනු ඇත”

මැලේසියාවේ පොත් ගබඩා කර ඇති ගබඩාව ප්‍රවේශමෙන් සනීපාරක්ෂාවට ලක් කර ඇති අතර දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සකස් කර ඇත.  නැව්ගත කිරීමේ ක්‍රියාවලියේ සියලුම අංග පිරිසිදුකමේ ඉහළම ප්‍රමිතීන්ට අනුකූල වන අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම සහතික කිරීම සඳහා කටයුතු යොදා ඇත.  උත්සව සමය සඳහා සියලුම පොත් රසිකයින් වෙත නියමිත වේලාවට ලබා දීම ද සහතික කෙරේ.

එබැවින්, ඔබට සැපපහසු ලෙස ඔබේ නිවසේ සිටම සුවිශේෂී  e-commerce අත්දැකීමක් ලබා ගත හැකිය. Wolf විසින් ඔබට අවැසි සියලු දේ  ඔබ වෙතට  ගෙන එයි! එලබෙන නොවැම්බර් 3 වනදා නවතම වෙබ් අඩවියක් දැකබලා ගැනීමේ අරමුණින් ඔබත්  lk.bbwbooks.com වෙත ලොග් වන්න. පාරිභෝගිකයින්ගේ පහසුව ඔවුන්ට  පහත සඳහන් ගෙවීම් ක්‍රම හරහා සිය ගෙවීම සිදු කළ හැක, ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් – වීසා සහ මාස්ටර් කාඩ්,  සම්පත් විශ්ව හරහා අන්තර්ජාල බැංකුකරණය සහ E-Wallet, ComBank Q, eZ Cash, FriMi, Genie-Wallet, iPay සහ MCash.

e-commerce දැවැන්තයා වන Shopify ට අමතරව, Wolf සමඟ  TNL රේඩියෝ ජාලය නිල මාධ්‍ය හවුල්කරු ලෙස සහ Grasshoppers එහි e-commerce බෙදාහැරීමේ සේවා සපයන්නා ලෙස හවුල් වී ඇත.

උපග්‍රන්ත 01

අන්තර්ජාල විකුණුම් ප්‍රවර්ධන නියම සහ කොන්දේසි

1. රුපියල් 9,000 ක අවම ශුද්ධ වියදමක් සමඟ නොමිලේ නැව්ගත කිරීම

● අවම වශයෙන් රුපියල් 9,000 ක ශුද්ධ මුදලක් වැය කර ඔබගේ ඇණවුම සඳහා නොමිලේ නැව්ගත කිරීම භුක්ති විඳින්න.

● මෙම ප්‍රවර්ධනය ශ්‍රී ලංකාව තුළ ඇණවුම් සහ බෙදා හැරීම් සඳහා අදාළ වේ.

● ප්‍රවර්ධන කේතයක් අවශ්‍ය නොවේ. පාරිභෝගිකයෙකු රුපියල් 9,000 සහ ඊට වැඩි ශුද්ධ වියදම් කරන විට නොමිලේ නැව්ගත කිරීමේ ප්‍රවර්ධනය ස්වයංක්‍රීයව පිටවීමේදී යෙදේ.

● මෙම ප්‍රවර්ධනය වෙනත් ප්‍රවර්ධන සහ වෙනත් ප්‍රවර්ධන කේත සමඟ වලංගු වේ.

● අපගේ ගබඩාවෙන් පාර්සලය නැව්ගත කළ පසු, බෙදා හැරීමට ව්‍යාපාරික දින 15 – 24 අතර කාලයක් ගත වේ.

● මෙම ප්‍රවර්ධනය 2021 නොවැම්බර් 3 සිට 10 දක්වා සීමිත කාලයක් තුල පමණක් වලංගු වන්නේ BBW ශ්‍රී ලංකා ඔන්ලයින් පොත් අලෙවිය තුළදී පළමුව පැමිණෙන අයට පළමුව සේවා සපයන පදනම මත පමණි.

● පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම අවස්ථාවක නියමයන් සහ කොන්දේසි වෙනස් කිරීමේ අයිතිය Pro Read Lanka (Private) Limited සතු වේ.

2. GWP: රුපියල් 12,500 ක අවම ශුද්ධ වියදමක් සහිතව  Journals  තුනක (3) කට්ටලයක් ලබා ගන්න

● අවම වශයෙන් රුපියල් 12,500 ක ශුද්ධ වියදමකට සුවිශේෂී Journals  තුනක (3) කට්ටලයක් නොමිලේ ලබා ගන්න.

● මෙම ප්‍රවර්ධනය තනි කුවිතාන්සියකින් රුපියල් 12,500 සහ ඊට වැඩි මුදලකට  මිලදී ගන්නා පළමු පාරිභෝගිකයින් 500 දෙනාට සීමා වේ.

● මෙම ප්‍රවර්ධනය අනෙකුත් ප්‍රවර්ධන සහ ප්‍රවර්ධන කේත සමඟ වලංගු වේ.

● මෙම ප්‍රවර්ධනය 2021 නොවැම්බර් 3 සිට 10 දක්වා සීමිත කාලයක් තුල පමණක් වලංගු වන්නේ BBW ශ්‍රී ලංකා ඔන්ලයින් පොත් අලෙවිය තුළදී පළමුව පැමිණෙන අයට පළමුව සේවා සපයන පදනම මත පමණි.

● පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම අවස්ථාවක නියමයන් සහ කොන්දේසි වෙනස් කිරීමේ අයිතිය Pro Read Lanka (Private) Limited සතු වේ.

උපග්‍රන්ත II

Social Media Contest   නියම සහ කොන්දේසි

තරඟය – Share & Win

තරඟ කාලය 1

7 ඔක්තෝබර් – 1 නොවැම්බර් 2021

ජයග්‍රාහකයා නිවේදනය කරන දිනය

2 නොවැම්බර් 2021

තරඟ ක්‍රියාපටිපාටිය

අපගේ Contestant පෝස්ට් එක ඔබගේ ගිණුම තුල share කර ත්‍යාගය දිනා ගැනීමට අවස්ථාවක් ලබා ගන්න

පියවර 1: Big Bad Wolf Books Sri Lanka Facebook ‘Share & Win’ පෝස්ට් එකට Like කරන්න.

පියවර 2: මෙම පෝස්ට් එක  (https://www.facebook.com/bbwbookssrilanka/posts/6244263045646342) ඔබේ ගිණුමෙහි  share කරන්න

පියවර 3: මෙම හැෂ් ටැග් ඇතුළත් කරන්න: #BigBadWolfBooks #WolfieisBack.

පියවර 4: පළ කිරීම Public ආකාරයේ විය  යුතු අතර තරඟ කාල සීමාව පුරාම දෘශ්‍යමානව පැවතිය යුතුය.

ත්‍යාගය

ජයග්‍රාහකයින් සඳහා රුපියල් 1,000 x 100 වටිනා Big Bad Wolf Books වවුචරය

තරඟ නියම සහ කොන්දේසි:

• සහභාගිවන්නන්ට තරඟ කාල සීමාව තුළ ඔවුන් කැමති වාර ගණනක් තරඟ පළ කිරීම Share කල හැක.

• ‘Share & Win’ තරගයට ඇතුළත් කිරීම් ගණනට සීමාවක් නැත.

• 2021 නොවැම්බර් 2 වන දින Big Bad Wolf Books Sri Lanka Facebook පිටුවේ “ජයග්‍රාහකයින්ගේ නිවේදනය” සටහනක් හරහා ජයග්‍රාහකයන්ට දැනුම් දෙනු ලැබේ.

• වවුචර් ත්‍යාගය සඳහා ජයග්‍රාහකයින් 2021 නොවැම්බර් 2 සිට 7 දක්වා කාලය තුළ Facebook Direct Message (DM) හරහා Big Bad Wolf Books Sri Lanka සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වේ. එය කිරීමට අසමත් වුවහොත් ත්‍යාගය අහිමි වේ.

වවුචර් නියම සහ කොන්දේසි:

• වවුචරය වලංගු වන්නේ 2021 නොවැම්බර් 3 සිට 10 දක්වා වන බිග් බෑඩ් වුල්ෆ් ශ්‍රී ලංකා ඔන්ලයින් පොත් අලෙවියේදී පමණි.

• වවුචරය අදාළ වන්නේ පිටවීමේදී ප්‍රවර්ධන කේතය යෙදූ විට පමණක් වන අතර භාවිත කළ හැක්කේ එක් වරක් පමණි.

• වවුචරය ආපසු ගෙවිය නොහැකි හෝ මුදල් හෝ සමාන වටිනාකමක් සඳහා හුවමාරු කළ නොහැක.

• වවුචරය වෙනත් ප්‍රවර්ධන සමඟ වලංගු වන නමුත් වෙනත් ප්‍රවර්ධන කේත සහ වවුචර(ය) සමඟ නොවේ.

• Pro Read Lanka (Private) Limited විසින් පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම අවස්ථාවක මෙම තරඟ යාන්ත්‍රිකයේ නියම සහ කොන්දේසි සංශෝධනය කිරීමේ අයිතිය රඳවා තබා ගනී.

තරඟය – Spend & Win

තරඟ කාලය 2

3 – 10 නොවැම්බර් 2021

ජයග්‍රාහකයා නිවේදනය කරන දිනය

11 නොවැම්බර් 2021

ඔබ අවම වශයෙන් රුපියල් 5,000 ක ශුද්ධ මුදලක් වැය කොට මෙම ත්‍යාග දිනා ගැනීමට අවස්ථාවක් ලබා ගන්න

පියවර 1: Big Bad Wolf Books Sri Lanka Facebook ‘Spend & Win’ පෝස්ට් එකට Like කරන්න.

පියවර 2: මෙම පෝස්ට් එක  (https://www.facebook.com/bbwbookssrilanka/posts/6244263045646342) ඔබේ ගිණුමෙහි  share කරන්න

පියවර 3: මෙම හැෂ් ටැග් ඇතුළත් කරන්න: #BigBadWolfBooks #WolfieisBack.

පියවර 4: පළ කිරීම Public ආකාරයේ විය  යුතු අතර තරඟ කාල සීමාව පුරාම දෘශ්‍යමානව පැවතිය යුතුය.

ත්‍යාග: (ජයග්‍රාහකයින් 11)

ප්‍රධාන ත්‍යාගය: Apple iPhone 13 Pro Max 128GB (Graphite Black) x 1 ජයග්‍රාහකයෙක්

පළමු ත්‍යාගය: Apple AirPods 2 x 1  ජයග්‍රාහකයෙක්

2 වන ත්‍යාගය: නුවරඑළිය හිල් කොටේජ් හි උදෑසන ආහාරය ඇතුළුව රාත්‍රියක්  පැක්ස් 2ක් සඳහා (ද්විත්ව කාමර බෙදාගැනීමේ පදනම මත) x 1  ජයග්‍රාහකයෙක්

3වන ත්‍යාගය: JBL Go3 Bluetooth Speaker x ජයග්‍රාහකයින් 3 දෙනෙක්

සැනසිලි ත්‍යාග: රුපියල් 2500 වටිනා Softlogic වවුචර x ජයග්‍රාහකයින් 5 දෙනෙක්

තරඟ නියම සහ කොන්දේසි:

• අපගේ බිග් බෑඩ් වුල්ෆ් ශ්‍රී ලංකා ඔන්ලයින් පොත් අලෙවිය අතරතුර එක් රිසිට්පතක් සඳහා වැය කරන සෑම රුපියල් 5,000ක්ම අපගේ “Spend & Win” තරගයට එක් (1) ප්‍රවේශයකට හිමිකම් කියයි.

• මෙම තරඟය සඳහා ඇතුළත් කිරීම් ගණනට සීමාවක් නොමැත.

• 2021 නොවැම්බර් 11 වැනි දින Big Bad Wolf Books Sri Lanka Facebook පිටුවේ “ජයග්‍රාහකයින්ගේ නිවේදනය” සටහනක් හරහා ජයග්‍රාහකයින් දැනුම් දෙනු ලැබේ

• ත්‍යාග සඳහා ජයග්‍රාහකයින් 2021 නොවැම්බර් 16 වැනි දින වන විට Facebook Direct Message (DM) හරහා Big Bad Wolf Books Sri Lanka සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වේ. එය කිරීමට අසමත් වුවහොත් ත්‍යාගය අහිමි වේ.

• ත්‍යාග සඳහා ජයග්‍රාහකයින් තම ත්‍යාග කොළඹ නගරයේ ස්ථානයකින් ලබා ගැනීමට කටයුතු සම්පාදනය කිරීම අවශ්‍ය වේ. ස්ථානය සහ වේලාව ජයග්‍රාහකයින්ට Facebook Direct Message (DM) හරහා ලබා දෙනු ඇත.

• ත්‍යාග සඳහා ජයග්‍රාහකයින් අපගේ නිල Facebook පිටුව හරහා ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, 2021 දෙසැම්බර් 11 වැනි දිනට පෙර, එකතු කිරීමේදී සත්‍යාපන අරමුණු සඳහා වලංගු හැඳුනුම් ලේඛනයක් ඉදිරිපත් කළ යුතුය.

• මුදල්, ණය, වෙනත් අයිතම හෝ වවුචර් සඳහා ත්‍යාග හුවමාරු කිරීම, මාරු කිරීම හෝ මුදවා ගැනීම කල නොහැක.

• Pro Read Lanka (Private) Limited විසින් පූර්ව දැනුම්දීමකින් තොරව ඔවුන්ගේ පරම අභිමතය පරිදි ඕනෑම අවස්ථාවක සමාන වටිනාකමක් ඇති ඕනෑම ත්‍යාගයක් ආදේශ කිරීමේ අයිතිය රඳවා තබා ගන්නා අතර ත්‍යාග වෙනත් පුද්ගලයෙකුට පැවරිය නොහැක. ත්‍යාගවල  වර්ණ සහ අනෙකුත් අංග  පවතින ආකාරය අනුව වෙනස් වේ.

• Pro Read Lanka (Private) Limited හට තරඟයට අදාළ සියලු කාරණා සම්බන්ධයෙන් අවසාන තීරණය  සහ බැඳීම ඇති අතර, එවැනි තීරණයක් සම්බන්ධයෙන් තවදුරටත් ලිපි හුවමාරු කිරීම හෝ ආරවුල් කිරීමට දරන උත්සාහයන් නොසලකනු ඇත.

• Pro Read Lanka (Private) Limited විසින් පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම අවස්ථාවක මෙම ප්‍රවර්ධනයේ නියම සහ කොන්දේසි සංශෝධනය කිරීමේ අයිතිය රඳවා තබා ගනී.

-නිමි-

Share

You may also like...