Daraz සිය පස්වන උපන් දිනය සැපිරීම නිමිත්තෙන් Realme සහ Daraz.lk diamond හවුල්කාරිත්වය තුලින් ශ්‍රී ලාංකික තාරුණ්‍යයට ස්මාර්ට්ෆෝන් ත්‍යාග රැසක්

ලොව වේගයෙන් වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme  සිය පස්වන උපන් දින ප්‍රවර්ධන වැඩසටහන තුළදී ලංකාවේ විශාලතම ඔන්ලයින් සාප්පු සවාරි අඩවිය වන Daraz.lk සමඟ හවුල්කරිත්වයකට පැමිණෙන ලදී.

“Daraz Turns 5” නමින් වූ මෙම ප්‍රවර්ධන වැඩසටහන  ඔක්තෝබර් 7 දා ආරම්භ වී ඔක්තෝබර් (13 දා) අවසන් විය.

realme සතු ජනප්‍රිය නිෂ්පාදන මාලාවක් වන C11-2021, c21Y, realme 7, realme 8,  Buds Q2 සහ  realme Watch 2 මෙහිදී අලෙවියට පත් වුනි.

මෑතකදී නිමා කරන ලද “Daraz Million Desires” වැඩසටහනේදී  ජංගම දුරකථන සහ ටැබ්ලට් වෙළඳනාම කාණ්ඩයේ ප්‍රධාන 3 අතරට ද  realme  ඇතුළත් විය. 2021 ජූලී මස පැවැත්වූ Daraz Mobile Week ප්‍රවර්ධනය තුලද realme C11-2021 ස්මාර්ට් ජංගම දුරකථනය “TOP Most Popular Smartphone Model” බවට පත්විය.

realme හි  අලෙවි අංශ ප්‍රධානී ෂෝන් යෑන් මහතා මේ පිළිබඳව සිය අදහස් දක්වමින් මෙසේ පැවසීය,“realme මේ වන විට  ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ වේගයෙන් වර්ධනය වන ස්මාර්ට්ෆෝන් වෙළඳ නාමය බවට පත්ව තිබෙනවා. 2018 දී “Dare to Leap” සංකල්පය තුලින් realme  ආරම්භ කරන ලද අතර ඒ වන විට  ජංගම දුරකථන වෙළඳ නාම 200 කට වඩා වෙළඳපොලේ පැවතුනා. එසේ තිබියදීත්, මේ වන විට ලෝකයේ වේගයෙන් වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට පත් වීමට realme හට අවස්ථාව ලැබුනා. මෙයට හේතුව තාක්‍ෂණිකව උසස් තත්ත්වයේ දුරකථන දැරිය හැකි මිලකට ලබා දීමයි. realme  සඳහා Daraz.lk තුල පවතින ඉල්ලුම සහ විකුණුම් පරිමාව අපට දැකගන්නට ලැබුනා. Daraz  සාප්පු සංකීර්ණය තුළ අපට 92% ක ධනාත්මක අලෙවි ශ්‍රේණිගත කිරීමක් ද ලැබුනා. නවතම‘Daraz Turns 5’  වැඩසටහනේදී ද මෙම සාධනීය ප්‍රවණතාවය පැවතුනා. මෙම අලෙවි කිරීමේ සාර්ථකත්වයට හේතු වී ඇත්තේ ශ්‍රී ලාංකික තාරුණ්‍යය සතුව අපගේ ස්මාට් ජංගම දුරකථනය සහ AIoT  උපාංග සඳහා ඇති ඉල්ලුම වැඩිවීමයි. realme හි වර්ධනය සඳහා e-commerce ප්‍රධාන නාලිකාවක් බවට හැරෙමින් පවතින බව අපට පැහැදිලිය.  අනාගතයේදී Daraz ඔස්සේ  අපගේ realme  පාරිභෝගිකයින්ට සිය අවශ්‍යතා සපුරා ගත හැකි පරිදි තවත් නිෂ්පාදන සහ සේවාවන් සැපයීමට අපි බලාපොරොත්තු වෙනවා”.

Share

You may also like...