PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙලේ පෙළගැස්ම නිවේදනය කරයි

  • ක්ෂේත්‍ර ප්‍රවීණයන් විසින් ස්මාර්ට් නගර සහ තිරසාර සංවර්ධනය පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීම මෙහිදී සිදු කරයි
  • හත්වැනි වරටත් සංවිධානය කෙරෙන, ඔන්ලයින් සමුළුව 2021 දෙසැම්බර් 8 වන දින ආරම්භ වන අතර 2022 ජනවාරි 8 දක්වා ‘PropertyGuru සතියතුළ විවෘතව පවතී
  • මෙම වසරේ සමුළුව තුළ දත්ත විද්‍යාවේ වැදගත්කම සහ දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් මෙන්ම පශ්චාත් Covid-19 යුගයේ ආර්ථික සංවර්ධනය සහ වෙළඳපල ප්‍රතිනිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත
  • ලෝක බැංකුව, International Finance Corporation (IFC), The Economist Intelligence Corporate Network, Milken Institute, සහ Original Voice of Siri සමුළුවේ ප්‍රධාන කතාවන් සිදුකරනු ඇත
  • PropertyGuru තාක්ෂණික නවෝත්පාදන සම්මාන ප්‍රධානයද මෙහිදී සිදුවනු ඇත

දකුණු ආසියාවේ විශාලතම දේපළ වෙළදාම් සමාගම වන PropertyGuru විසින්, ඔවුන්ගේ දෙවන ඔන්ලයින් PropertyGuru Asia Real Estate සමුළුව පැවැත්වීම පිළිබඳ නිවේදනය කර සිටියි.  මෙය 2021 දෙසැම්බර් මස 8 වනදා සිට 2022 ජනවාරි 08 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කරඇති අතර, මේ සඳහා ලොව ප්‍රමුඛ ව්‍යපාරිකයින්, දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් එක්වනු ඇත.  asiarealestatesummit.com හරහා සමුළුව හා සම්බන්ධ වියහැකි අතරමෙහිදී ප්‍රවීණයින් විසින් විවිධ සාකච්චා සහ වැඩමුළු පවත්වයි. 

මෙම වසරේ සමුළුව තුළ සාකච්චා රැසක් දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ වැදගත් මාතෘකා වනතිරසාර සංවර්ධනය, හරිත මූල්‍ය, ස්මාර්ට් තාක්ෂණික සහ ස්මාර්ට් නගර සහ නවෝත්පාදන සංවර්ධනය වටා සිදුවේ.  PropertyGuru Asia Real Estate Summit: Virtual Edition 2021 හි ප්‍රධාන දේශක ලෙස Quantum Thailand Ltd හි කළමනාකරණ අධ්‍යක්ෂ සහ Burj Khalifa Dubai හි හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික Stephen Oehme එක්වේ. 

The Economist Intelligence Corporate Network හි අග්නිදිග ආසියාව සඳහා අධ්‍යක්ෂ ආචාර්ය විලියම් තෝමස් මෙහි ආරම්භක කතාව සිදුකරන අතර, ඔවු විසින් කොවිඩ් වසංගතයෙන් පසු ආසියාවේ ආර්ථික සංවර්ධනය සහ ප්‍රතිනිර්මාණය මැයෙන් සිය කතාව පවත්වනු ඇත.  Siri සන්නිවේදන ක්‍රමයේ මුල් හඬ ලෙස ප්‍රසිද්ධියට පත් ප්‍රවීණ හඬ කැවීම් ශිල්පිනියක වන Susan Bennett විසින් “Becoming the Voice of A.I.” මැයෙන් මෙහිදී දේශනයක් පවත්වයි.  තවද, ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු ඇමෙරිකානු තානාපති Curtis S. Chin මහතා ද මෙහිදී දේශනයක් පවත්වන අතර, International Finance Corporation හි  හරිත ගොඩනැගිලි පිළිබඳ ජ්‍යෙෂ්ඨ කර්මාන්ත විශේෂඥ Ommid Saberi විසින් ලෝක බැංකුව හා සම්බන්ධව ප්‍රධාන දේශනය ඉදිරිපත් කරනු ඇත.

මෙම ඔන්ලයින් සමුළුව තුලදී, විශේෂ සිද්ධි අධ්‍යනයන් කිහිපයක්ද සිදුකරන අතර, ඒ අතර ජපානය පදනම් කරගත් Privacy by Design Lab හි නිර්මාතෘ Kohei Kurihara විසින් සිදුකරන සිද්ධි අධ්‍යනය සහ Enter Projects හි නිර්මාතෘ, කීර්තිමත් නිර්මාණකරුවෙකු වන Patrick Keane ගේ “The Age of 3D” සුවිශේෂී වේ. තවද, Lendlease  මැලේසියාවේ තිරසාර අධ්‍යක්ෂක Yasmin Rasyid, ක්වාලාලම්පූර් හි The Exchange TRX ව්‍යාපෘතිය සහ එය මැලේසියාවේ නවතම මූල්‍ය දිස්ත්‍රික්කයේ තිරසාර රාමුව තුළට ගැලපෙන ආකාරය ඉදිරිපත් කරනු ඇත. “Women who lead and build” ද්විත්ව සාකච්චාව මෙම සමුළුවේ සුවිශේෂී අංගයක් වන අතර, මේ සඳහා ESCA Incorporated හිප්‍රධාන විධායක නිලධාරී Jean Jacqueline de Castro සහ Pourous City Network හි ප්‍රධාන විධායක නිලධාරී, Climate Change Working Group හි සභාපතිනි Kotchakorn Voraakhom එක්වනු ඇත. 

දිනය පුරා පැවැත්වෙන 2021 PropertyGuru Asia Real Estate සමුළුව තුලදී data landscape, accessible data, sustainable development, සහ  data innovation ඇතුළු දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ වැදගත් මාතෘකා රැසක් පිළිබඳ සාකච්චා පවත්වනු ඇත.  මේ සඳහා Ken Ip,  Asia MarTech Society හි නිර්මාතෘ සහ PropertyGuru Asia Property Awards (Mainland China) හි සභාපතිනි,  Stuart Mendel- කළමනාකරණ අධ්‍යක්ෂ සහ මැලේසියානු ප්‍රධානි  Lendlease; podcast host Tina Ryan, the 2019 emcee of the PropertyGuru Asia Real Estate Summit in Bangkok, Thailand; and Masaya Fujisawa, associate director at IHI එක්වනු ඇත.

මිට අමතරව, PropertyGuru සමූහයේ නායකත්වය විසින් සිදුකරන සම්මන්ත්‍රණයක්ද මෙහි සිදුවේ. මේ සඳහා Tech Innovation Award. හි ප්‍රධාන තාක්ෂණික නිලධාරී Manav Kamboj සහ PropertyGuru Asia Property Awards හි කළමනාකරණ අධ්‍යක්ෂ Jules Kay,  උපායමාර්ග අධ්‍යක්ෂ Mallika Gadepalli සහභාගී වේ.  තවද, PropertyGuru සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ Hari V. Krishnan වෙතින් ආසියානු දේපල කර්මාන්තයේ වැඩි විනිවිදභාවය සහ වෙළඳපල බුද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා “GuruTalk” මන් කතාවක් සිදු කරයි. 

ප්‍රවේශපත්‍ර දැන් විකිණීමට ඇත

PropertyGuru Asia Real Estate Summit හි ඔන්ලයින් සමුළුව සඳහා ප්‍රවේශපත්‍ර දැන් විකිණීමට ඇත, 2021 නොවැම්බර් 7 දක්වා සුවිශේෂී වට්ටම් හිමිවේ. 

තාක්ෂණික නවෝත්පාදන සම්මාන උළෙල සඳහා අයදුම්පත් භාර ගැනීම විවෘතයි

2021 සැප්තැම්බර් මාසයේ සිට PropertyGuru Asia Real Estate Summit එහි වාර්ෂික තාක්ෂණික නවෝත්පාදන සම්මානය සඳහා ප්‍රවේශයන් පිළිගැනීම ආරම්භ කරන ලදී. තාක්ෂණය භාවිතයෙන් දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ සංවර්ධනයන් සිදුකල හැකි ආකාරය මෙහිදී සොයා බලයි.  ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් සියලුම ප්‍රවේශයන් විනිශ්චය කරනු ඇත. 

PropertyGuru Tech Innovation Award 2021 තරඟය සඳහා ඉදිරිපත් කිරීම් දැනට ඔක්තෝබර් 31 දක්වා පිළිගනු ලැබේ: වැඩිදුර විස්තර සඳහා AsiaRealEstateSummit.com/award/ වෙත පිවිසෙන්න.

මේ පිළිබඳ වැඩිදුර විස්තර අවශ්‍ය නම්  [email protected] ඊමේල් හෝ AsiaRealEstateSummit.com/ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

Share

You may also like...