සිය මිලියන 100 ක විකුණුම් සන්ධිස්ථානය සනිටුහන් කරමින් අගෝස්තු 18 වන දින සිට realme වෙතින් GT Master Edition Series සහ අනෙකුත් නිෂ්පාදන පෙළක්

realme  සිය මිලියන 100 ක විකුණුම් සන්ධිස්ථානය සනිටුහන් කරමින්  අගෝස්තු 18 වන දින සිය  GT Master Edition Series සහ අනෙකුත් නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමට සැදී පැහැදී සිටියි. වේගයෙන් වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme, සිය මිලියන 100 ක විකුණුම් සන්ධිස්ථානය නිල වශයෙන් සනිටුහන් කරන ලදී. realme  විසින් මාස 37 ක් තුළ මෙම ඉලක්කය සපුරා ගනු ලැබුවේ,ලොව මිලියන 100 ක අලෙවිය ඉක්මවූ වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට්ෆෝන් වෙළඳ නාමය  බව තවදුරටත් සාක්ෂාත් කරමිනි.

realme GT Master Edition Seriesහි නිර්මාතෘ වන්නේ සුප්‍රසිද්ධ ජපන් කාර්මික නිර්මාණකරු නඕටෝ ෆුකසාවා මහතාය. ඔහු බොහෝ කලක පටන් ස්මාර්ට්ෆෝන් කලාව පිළිබඳව පර්යේෂණ සිදු කරමින් සිටී.

නව නිෂ්පාදන කාණ්ඩයන්හි වේගයෙන් වර්ධනය වන වෙළඳ නාමය වීමේ අපේක්‍ෂාව අතැතිව ස්මාර්ට්ෆෝන් හැරුණු විට realme  සිය TechLife ecosystemහි අන්තර්ගත අනෙකුත් අංග ද ප්‍රථම වතාවට මෙම අවස්ථාවේදී හඳුන්වා දීමට නියමිතය.

ඒ අතරම, පසුගිය වසර තුනක කාලය තුළ සිය මිලියන 100ක සියළුම පරිශීලකයින්ට ස්තූති කිරීම සඳහා realme විසින් වසරේ විශාලතම ප්‍රවර්ධනය ද  ප්‍රකාශයට පත් කිරීම සිදු කරනු ඇත.මෙම ප්‍රවර්ධනය යටතට සියලුම නිෂ්පාදන කාණ්ඩ ආවරණය වන පරිදි වෙළඳපොල 61 ක් අන්තර්ගත වේ.

මෙම දියත් කිරීමේ උත්සවය realmeහි  නිල සමාජ මාධ්‍ය ජාලා වන YouTube, Twitter, Facebook හරහා පැවැත්වීමට නියමිතය. ඔබත් සුදානමින් සිටින්න!

දත්ත ප්‍රභවය: Counterpoint, Strategy Analytics, Canalys 2021 Q2  smartphone shipment වාර්තාව

දත්ත ප්‍රභවය: Analytics: realme is Fastest Brand Ever to Ship 100 Million Smartphones

වැඩි විස්තර සඳහා කරුණාකර www.realme.com වෙත පිවිසෙන්න

Share

You may also like...