සිංගර්, දකුණු ආසියාවේ විශිෂ්ටතම Dell භාණ්ඩ අලෙවිකරු ලෙස සම්මානයට පාත්‍රවෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, ජයග්‍රහණය කරා යන ගමනේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින්, පසුගියදා නිමාවට පත් වුණු Dell Technologies South Asia CSB Partner Connect 2021 හිදී සුවිශේෂී සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත. අංක එකේ භාණ්ඩ අලෙවිකරු ලෙස සිය නාමය තව දුරටත් සනිටුහන් කරමින්, දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම භාණ්ඩ අලෙවිකරු සහ ශ්‍රී ලංකාවේ වසරේ විශිෂ්ටතම භාණ්ඩ අලෙවිකරු යන සුවිශේෂී සම්මාන ද්විත්වයෙන් සිංගර් මෙලෙස පිදුම් ලැබීය. 2020 වසරේ කලාපීය භාණ්ඩ අලෙවිකරුවන්ගේ කාර්යසාධනය ඇගයීම සඳහා මෙම සම්මාන ප්‍රධානෝත්සවය මාර්ගගත ක්‍රමයට පැවැත්වුණු අතර, ඒ සඳහා නැගී එන වෙළඳ පොළ සඳහා Dell ටෙක්නොලජීස්හි උප සභාපති අනෝතායි වෙත්තයකෝන් මහතා, Dell ටෙක්නොලජීස්හි තවත් සම්භාවනීය අමුත්තන් කිහිපදෙනෙකු සහ කලාපීය භාණ්ඩ අලෙවිකරුවන් කිහිපදෙනෙකුද සහභාගී වූහ.

වියට්නාමය, තායිලන්තය, ඉන්දුනීසියාව, පිලිපීනය, බංග්ලාදේශය, පකිස්ථානය, නේපාලය, මියන්මාරය, සිංගප්පූරුව, බෘනායි, මොංගෝලියාව වැනි කලාපීය රටවලින් අතර පැවති තරඟයෙන් අනෙකුත් රටවල් අභිභවා ජයග්‍රහණය තමන් සතු කරගැනීමට සිංගර් සමත් වූ අතර 2020 වසරේ අභියෝග රැසකට ශක්තිමත්ව මුහුණ දෙමින් පරිගණක ව්‍යාපාරය සාර්ථක කරගැනීමට දැක්වූ කැපවීම මෙම සම්මාන ද්විත්වයෙන් අරුත්ගන්වයි.

මෙම සම්මාන ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින්, සිංගර් ශ්‍රී ලංකා සමූහයේ  ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙලෙස පවසයි.” දකුණු ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම භාණ්ඩ අලෙවිකරු යන සම්මාන ද්විත්වයම හිමිකර ගැනීමට ලැබීම අපිට ඉමහත් ගෞරවයක්. 2020 වසරේ අභියෝග රැසකට ශක්තිමත්ව මුහුණ දෙමින් අපගේ වටිනා පාරිභෝගිකයින්ට සේවය කිරීමට සිංගර් ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මේ සම්මාන ද්විත්වය හඳුන්වන්න පුළුවන්. පාරිභෝගික අවශ්‍යතා නියමිත වේලාවට සපුරාලීම සඳහා අපගේ උපරිම දායකත්වය ලබා දෙමින් අපි සැම දෙනාම සුපුරුදු පරිදි එකිනෙකාට සහයෝගය දක්වමින් ඉතා කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළෙමු. 2014 වසරේ සිට අපට සහයෝගය දක්වමින් අපත් සමඟ සිටින Dell ටෙක්නොලජීස් වෙත ස්තූතිය පුද කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.”

සිංගර් ශ්‍රී ලංකා සමූහයේ  ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා, සිංගර් ශ්‍රී ලංකාහි අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා සහ නැගී එන වෙළඳ පොළ සඳහා Dell ටෙක්නොලජීස්හි උප සභාපති අනෝතායි වෙත්තයකෝන් මහතා අතර, කලාපය තුළ Dell ටෙක්නොලජීස්හි ප්‍රමුඛතම බෙදාහරින්නා වබට පත්වූ සිංගර්, මෙතෙක් පැමිණි  සාර්ථක ගමන්මඟ පිළිබඳව ඇතිවූ සංවාදය මෙම සම්මාන උළලෙහි කැපී පෙනෙන අවස්ථාවක් විය. කොවිඩ් -19 වසංගත තත්ත්වයට මුහුණදීමට සිංගර් සතු වූ පෙරසූදානම සහ දිවයින පුරා විසිරුණු සිංගර් බෙදාහැරීම් ජාලය, ලැප්ටොප් කාණ්ඩය තුළ ඉමහත් ප්‍රගතියක් අත්කර ගැනීමට හේතු විය.

වසංගත තත්ත්වය හමුවේ බොහෝ පිරිස් නිවසේ සිට වැඩ කිරීමටත්, නිවසේ සිට අධ්‍යාපන කටයුතු කිරීම සඳහා නැඹුරු වීමත් සමඟ සෑම නිවසකටම ලැප්ටොප් හෝ පරිගණකය අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්විය. මෙවන් අවස්ථාවක ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා අඛණ්ඩව සපුරාලීම සඳහා, සිංගර් සතු දිවයින පුරා විසිරුණු බෙදාහැරීම් ජාලය, අන්තර්ජාල මිලදී ගැනීම් සඳහා වූ අංගසම්පූර්ණ වෙබ් අඩවිය, නිවසටම බෙදා හැරීමේ පහසුකම සහ අලෙවියෙන් පසු සේවා විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරයි.

ශ්‍රී ලංකාවේ විශාලතම බෙදාහැරීමේ ජාලය ඔස්සේ, දිනෙන් දින වර්ධනය වන සිය පාරිභෝගිකයින් හට ජාත්‍යන්තරව පිළිගත් උසස් තත්ත්වයේ දේශීය සහ විදේශීය සන්නාමයන්හි නිෂ්පාදන ලබා දීමට සිංගර් පෙරමුණ ගෙන සිටියි. දීප ව්‍යාප්ත අලෙවිසැල් 432 කට අධික සංඛ්‍යාවක්, සිංගර් මෙගා ප්‍රදර්ශනාගාර සහ www.singer.lk වෙබ් අඩවිය හරහා සිංගර් තම සේවාවන් සපයයි.

Share

You may also like...