සිංගර් ශ‍්‍රී ලංකා, Hi-Fi Audio සහ Sound Bar නිෂ්පාදන සන්නාම තානාපතිනිය ෆැලන් ඇන්ඩ්‍රියා

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් මෙරට ජනප‍්‍රියතම සහ දක්ෂතම ගායන ශිල්පිනියක් වන ෆැලන් ඇන්ඩ්‍රියා සිය Hi-Fi Audio සහ Sound Bar නිෂ්පාදන පෙළ සඳහා නව සන්නාම  තානාපතිනිය ලෙස පත්කළ බව නිවේදනය කරන ලදී.

මේ සඳහා වන නව ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා කොළඹ සිංගර් ප්‍රධාන කාර්යාලයේදී පැවැතිණි. දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් නවයෙහි කිරුළ හිමිකරගත් ෆැලන් ඇන්ඩ්‍රියා මෙරට සංගීත ක්ෂේත්‍රයේ ජනප‍්‍රිය සහ දක්ෂ කලාකාරිනියක් වන අතර ඇය තාරුණ්‍යය නියෝජනය කරමින් විවිධාකාර ශෛලීය ගීත ගායනා කරමින් ශ්‍රී ලාංකික ජනාදරයට පත්ව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකාහි අලෙවි අධ්‍යක්ෂ  ශනිල් පෙරේරා මහතා පැවසුවේ

සිංගර්, Hi-Fi Audio සහ Sound Bar නිෂ්පාදන පෙළ සඳහා නව සන්නාම තානාපතිනිය ලෙස ෆැලන් ඇන්ඩ්‍රියා සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම සතුටට කරුණක් බවය. ඉදිරියේදී සිංගර් නවෝත්පාදන මුල්කරගත් නිෂ්පාදන රැසක් වෙළඳපොළට හඳුන්වාදීමට නියමිත බවත් හෙතෙම පැවසුවේය.  “කලාකාරිනියක ලෙස ෆැලන් සතු විශිෂ්ට කීර්තිනාමය සහ තාරුණ්‍යය තුළ ඇති ජනප්‍රියත්වය නිසා Hi-Fi නිෂ්පාදන පුළුල් කිරීමට අප දරන උත්සාහයේ දී අපට විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවකගේ ආකර්ශනය දිනා ගැනීමට හැකිවනු ඇත. මෙමඟින් අපගේම පාරිභෝගිකයින්ගේ විනෝදාස්වාදන අවශ්‍යතාවයන්ට සරිලන සැබවින්ම ශ්‍රී ලාංකික නිෂ්පාදන පෙළක් පුළුල් කිරීමට ලැබීම නිසා මෙය සාමාන්‍ය වෙළඳ ගිවිසුමකින් ඔබ්බට ගිය සහයෝගීතාවයකි.

සිංගර් Hi-Fi හි සන්නාම තානාපතිනිය ලෙස පත් වීම පිළිබඳව අදහස් දක්වමින් ෆැලන් ඇන්ඩ්‍රියා පවසා සිටියේ,”සිංගර් පවුලට සම්බන්ධ වීමට ලැබීම අතිශයින්ම සතුටට කරුණක් වගේම ඉදිරි කටයුතු ඉතාමත් සහයෝගයෙන් කිරීමට අපේක්ෂා කරනවා යනුවෙනි. සිංගර්, වසර ගණනාවක සිට නව නිපැයුම් පිරිනැමීම් තුළින් නිවැසියන්ට විනෝදාස්වාදයක් ලබාදීමට කටයුතුකළ  අතර විශේෂයෙන් ශ්‍රව්‍ය උපකරණ සම්බන්ධයෙන්  සිංගර් Hi-Fi නිෂ්පාදන පෙළ සඳහා ශ්‍රී ලාංකිකයින් අතර ඉමහත් ඉල්ලුමක් පවතිනවා. මා පෞද්ගලිකව අගය කරන මෙවැනි ආදරණීය හා කීර්තිමත් සන්නාමයක තානාපතිනියක වීම ගැන මම ආඩම්බර වෙනවා. “

පරම්පරා ගණනාවක් තිස්සේ  ගුවන්විදුලි, Hi-Fi සිස්ටම්, ඇක්ටිව් ස්පීකර්ස් වැනි උසස් තත්ත්වයේ ශ්‍රව්‍ය උපකරණ පිරිනැමීම තුලින් සිංගර්, Hi-Fi Audio system සඳහා ප්‍රිය කරන  ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ප්‍රචලිත නාමයක් බවට පත්ව ඇත. වර්තමානය වන විට 2.1 සිට 5.1ch දක්වා ස්පීකර්ස්, single tower සිට twin tower දක්වා මාදිලියන්, ඇක්ටිව් ස්පීකර්ස් වැනි පුළුල් පරාසයක Hi-Fi සිස්ටම් සිංගර් විසින් වෙළඳපොළට නිකුත්කර ඇත. 

සිංගර් විසින් නවෝත්පාදනයන් හඳුන්වාදෙමින් සහ Hi-Fi නිෂ්පාදන පරාසය පුළුල් කරමින් තාරුණ්‍යය ඉලක්ක කරගත් වෙළෙඳපොල අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා  අඛණ්ඩව කැපවෙමින් සිටී. ඒ වෙනුවෙන් තබන පුරෝගාමී පියවරක් ලෙස සිංගර් විසින් මෙම වසරේදී  සිය සුවිශේෂී සවුන්ඩ්ස් බාර්ස් සහ පොර්ටබල් බ්ලූටූත් ස්පීකර්ස් වෙළඳපොලට එළිදැක්වීමට අපේක්ෂා කරයි. නවීනතම නිමවුමක් සහ උසස් තාක්ෂණයෙන් සමන්විත නවතම සිංගර් සවුන්ඩ්ස් බාර් මඟින් ගෘහස්ථ විනෝදාස්වාදයේ විප්ලවීය වෙනසක් සිදු කරනු ඇති අතර පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ සහ සජීවී සංගීත අත්දැකීමක් ලබාගත හැකිවනු ඇත. සැහැල්ලු බරකින් සහ ප්‍රමාණයෙන් කුඩා නවතම පොර්ටබල් බ්ලූටූත් ස්පීකර්ස්  ගෘහස්ථව හා එළිමහනේ භාවිතා කිරීමේ හැකියාවෙන් සමන්විත වන නිසා යෞවනයන්ට උත්සව, විනෝද චාරිකා සහ DJ සඳහා පහසුවෙන් රැගෙන යා හැක. 

Share

You may also like...