අසමසම විශේෂාංග රැසක් සමග එන Huawei Y ශ්‍රේණියේ ස්මාර්ට් දුරකථන

ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනයෙහි ලොව ප්‍රමුඛයකින් වන Huawei විසින් සිය පරිශීලකයින්ට වඩාත් උසස් තාක්ෂණික අත්දැකීමක් හිමිකර දීමේ අරමුණ ඇතුව වෙළඳ පොළට නිකුත් කරන ලද Y ශ්‍රේණියේ ස්මාර්ට් දුරකථනයන් බොහෝ දෙනා අතර ජනප්‍රිය අතර එයට හේතුව වන්නේ අඩු මිල මට්ටමදී ඉතා ඉහළ විශේෂාංගයන්ගෙන් යුක්තව ස්මාර්ට් දුරකථන මාදිලීන් නිපදවා තිබීමයි. Huawei Y7a , Huawei Y6P සහ Huawei Y5P යනු මෙම Y ශ්‍රේණියේ ස්මාර්ට් දුරකථනයන් අතර වැඩි කතාබහට ලක්වූ මාදිලින් ත්‍රිත්වයකි .

4GB RAM + 64GB storage සහිතව නිපදවා ඇති Huawei Y6P තුළින් පරිශීලකයින්ට ඇති තරම් දත්ත ප්‍රමාණයක් කිසිඳු අවහිරතාවයකින් තොරව ගබඩා කර ගැනීමේ හැකියාව හිමි වීම සුවිශේෂී වේ. තවද මෙම මාදිලියේ දුරකථනවල ඇති තවත් එක් සුවිශේෂී විශේෂාංගයක් වනුයේ එහි 5000mAh දිගු කාලීන බැටරි ධාරිතාවයයි.

වැඩි වේලාවක් ස්මාර්ට් දුරකථනය හා ක්‍රියාකරන පරිශීලකයින්ට වඩා සුදුසු වන ලෙස  5000mAh බැට්රියක් Huawei Y6P හි අන්තර්ගත කර ඇති අතර මෙම විශාල බැට්රිය නිසා නිතර නිතර charge කිරීමේ අවශ්‍යතාව පරිශීලකයින්ට ඇති නොවේ. ඕනෑ තරම් වේලාවක් Games, internet browsing, social media browsing,  videos නැරඹීම  සහ සංගීතයට සවන්දීම ඇතුළු කාර්යන් රැසක්  Huawei Y6P හරහා  දැන්  බාධාවක් නොමැතිව සිදු කර  හැකිය.  වෘත්තීය ජීවිතයේ කාර්යන් සඳහා වූවද Huawei Y6P වඩාත් සුදුසුම ස්මාර්ට් දුරකථනය වනුයේ කාර්යබහුලත්වයත් සමග නිතරම දුරකථනය charge කිරීමට සිදු නොවීම නිසාය. 

4GB RAM + 64GB ඉහළ මතක ධාරිතාවයක් සහිත Huawei Y6p හි තවත් එක් ප්‍රධාන විශේෂත්වයක් වනුයේ එහි ත්‍රිත්ව කැමරා පද්ධතියයි. 13mp ප්‍රධාන කැමරාවකින්, 5mp wide-angle කැමරාවකින් සහ 2mp depth කැමරාවකින් සමන්විත Huawei Y6p ජංගම දුරකථන ඡායාරූපකරණය කෙරෙහි උනන්දුවක් දක්වන්නන් සඳහාම නිපදවා ඇති බව කිව හැකිය.

Huawei Y6P ආකාරයෙන්ම ආකර්ෂණිය විශේෂාංග රැසකින් යුත් ස්මාර්ට් දුරකථනයක් ලෙස Huawei Y5p හැදින්විය හැකිය. ආකර්ෂණීය නිමාවකින් වෙළද පොළට එන Huawei Y5p, 2GB RAM සහ 32GB අභ්‍යන්තර මතක ධාරිතාවයකින් යුක්තව පැමිණේ. 3020 mAh අධි බලැති බැට්රියකින් සමන්විත Huawei Y5p ද පරිශිලකින්ගේ තාක්ෂණික ගැටළු රැසක් සඳහා කදිම පිළිතුරක් ලබා දී ඇත. midnight black, phantom blue සහ  mint green ඇතුළු මනරම් වර්ණ ත්‍රිත්වයකින් වෙළඳ පොලට එන Huawei Y5p හි 5.45-inch HD display, පරිශීලකයින්ට පුළුල් නැරඹීමේ අත්දැකීමක් හිමි කර දෙයි.

Huawei Y7A යනු පරිශීලකයින්ගේ ප්‍රශංසාවට ලක්වූ තවත් එක් ස්මාර්ට් දුරකථනයකි. එහි display එක මෑතකදී නිකුත්වූ විශාලතම ජංගම දුරකථන තිර වලින් එකක් වන අතර මේ හේතුව නිසා  අධික සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සහ ජංගම ක්‍රීඩකයින්ගෙන් මෙම දුරකථනය සදහා ඉතා ඉහල ආකර්ශනයක් පවතී.   Huawei Y7a හි විශේෂාංගයන් ඉතා ඉහල මට්ටමේ පැවතියද මිල ඉතා අඩු මට්ටමක පැවතීම ප්‍රසංසනිය කරුණක් වන අතර එහි 48 MP Quad AI කැමරාව, 5000mAh විශාල බැටරිය , 4GB RAM + 128GB මෙමරිය සහ මනා නිමාව මෙම දුරකතනයට විශේෂ තැනක් හිමි කරදෙයි.

අඟල් 6.67 පූර්ණ HD විශාල තිරයක් සහ 90.3% screen -body ratio සහිත Huawei Y7a හි අවධානය වෙනතකට යොමු නොකර  අත්දැකීමක් ලබා දෙයි. වක්‍රාකාර දාර උපාංගය කෙනෙකුගේ අතේ ඇති විට එය පහසුවෙන් හැසිරවීමට උපකාරී වන අතර අඛණ්ඩව ක්‍රීඩා කිරීමට හා සැරිසැරීමට උපකාරී වේ. Crush green, Blush gold සහ Midnight black යන ගතික වර්ණ තුනකින් වෙළඳ පොළට පැමිණෙන Y7a හි ආකර්ශනීය නිමාවට ඕනෑම කෙනෙකු ආදරය කරයි.

Huawei Y7a  හි කැමරාවද ඉතා විශේෂ වේ . මෙම මිල මට්ටගේ අනෙකුත් දුරකතනයන් හා සසදන කල 48MP  Quad  AI කැමරාව මෙම දුරකතනයට විශේෂ ආකර්ශණයක් ලගා කරවයි . මෙම දුරකතනයේ පසුපස කැමරා සැකසුම  කැමරා සතරකින් සමන්විත අතර 48MP (f/1.8 aperture) , 8MP (Ultra-Wide Angle Lens, f/2.4 aperture),  2MP (Depth Lens, f/2.4 aperture) සහ  2MP Macro Lens, f/2.4 aperture) ඒවා වේ . තවද AI තාක්ෂණයෙන් මෙම කැමරා පද්ධතිය බලගන්වා ඇත.48MP High Resolution ප්‍රධාන කැමරාව විචිත්‍රවත් පැහැදිලි ඡායාරූප ග්‍රහණය කර ගන්නා අතර අනෙක් කාච තුනේ සංයෝජනය මඟින් පරිශීලකයින්ට අතිශය පුළුල් කෝණික, පැහැදිලි විශාලනය සහ අනන්‍ය ගැඹුර  මගින් දර්ශන ග්‍රහණය කර ගනී. අඩු / රාත්‍රී ආලෝකකරණ තත්වයන් තුළ වුවද පැහැදිලි ඡායා රූපයන්  ‘සුපර් නයිට්’ කැමරා මාදිලිය මගින් පහසුවෙන් ලබා ගත හැක .punch hole ආකාරයන් ඇති සෙල්ෆි කැමරාව 8MP (f / 2.0 විවරය)  දිවා හා අඩු / අඳුරු ආලෝක තත්ත්වයන් දෙකෙහිම එක හා සමානව සුන්දර පැහැදිලි ඡායා රූප ලබා දෙයි.

Huawei Y7a ස්මාර්ට් දුරකථනය  Kirin 710A ප්‍රොසෙසරයකින් සමන්විත අතර එය බොහෝ Y ශ්‍රේණියේ දුරකථන වල හොඳින් ක්‍රියා කරනා ප්‍රොසෙසරයක් වේ . 4GB RAM එකකින් ක්‍රියාත්මක වන Huawei Y7a 128 GB Storage යුක්තව පාරිශීලකයින් අතට පත්වේ. බහු කාර්යයන් සහ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී වෙනත් බොහෝ mid range උපාංග අභිබවා යමින් කාර්යක්ෂමව  කිසිදු බාධාවකින් තොරව භාවිතා කිරිමේ හැකියාව මෙම ස්මාර්ට් දුරකතනයේ ඇති තවත් එක විශේෂත්වයකි.

Huawei Y7a , 5000mAh විශාල බැටරියකින් බලගැන්වෙන අතර එය මෑතකදී නිකුත් කරන ලද Huawei ස්මාර්ට්ෆෝන් අතර ප්‍රධාන තැනක් ගනී.  4G ඇමතුම් පැය 38.2 ක්ද , අන්තර්ජාල වීඩියෝ නැරඹීම පැය 16.6 ක් සහ පැය 12 ක් 4G අන්තර්ජාලයේ සැරිසැරීමේ නිදහස පරිශීලකයින්ට හිමිවේ .  Huawei Y7a 22.5W Huawei Super Charge වේගයෙන් බැටරිය නැවත ආරෝපණය (Charge) කිරීමට හැකි  අතර විනාඩි 10 කාලයක් ආරෝපණය (Charge) කිරීමෙන් පැය දෙකක පමණ කාලයක් video නැරඹීමේ හැකියාව ලබාදේ.

Huawei Y6P  රු. 30,999/- මිළකටද, Huawei Y5P  රු. 20,999/- මිළකට හා HUAWEI Y7A රු. 39,999/- මිළකට, සියලුම Huawei Experience Centers, දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර, Daraz.lk හා Singer.lk වෙතින්ද  මිලදී ගත හැකි වේ.

Share

You may also like...