හච් හා Bobble AI එක්ව ශ්‍රී ලාංකිකයින් සඳහා දේශීය භාෂා ස්මාර්ට්ෆෝන් කීබෝඩ් හඳුන්වා දීමට සැරසෙයි.

ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ගේ විශ්වාසය දිනාගත් ස්මාර්ට්ෆෝන් කීබෝඩ් විසඳුම් ලබා දෙන ලොව ප්‍රථම සන්නිවේදන මාධ්‍ය වන Bobble AI සමඟ හච් පසුගියදා හවුල්කරිත්වයකට එළඹ ඇත.මෙමඟින් ශ්‍රී ලාංකික පරිශීලකයින්ට විශේෂ සේවාවන්ගෙන් යුත් Bobble ස්මාර්ට් කීබෝඩ් වෙත ප්‍රවේශ වීමේ හැකියාව හිමිවන අතර එමගින් දේශීය භාෂාවන් ටයිප් කිරීමේ හැකියාව (සිංහල, දමිළ සහ ඉංග්‍රීසි), තමන්ටම ආවේණික වූ ස්ටිකර් සහ GIFs (සිංහල සහ දමිළ භාෂාවන්ගෙන්), Animated Big Mojis™ සහ ශබ්ද වචන බවට පරිවර්තනය කිරීම (සිංහල සහ දමිළ භාෂාවන්ගෙන්) වැනි සුවිශේෂී අත්දැකීම් ලබාගත හැක.

මෙමඟින් පරිශීලකයින්ට ඔවුන්ටම විශේෂිත වූ කීබෝඩ් තේමාවන් සහ අකුරු මාදිලි ලබාදීම නවමු අත්දැකීමක් වන අතර සියලුම ජංගම චැට් app  සහ browser හි මෙම කීබෝඩ් එක හොඳින් ක්‍රියාත්මක වන බැවින් පවුලේ සාමාජිකයින් සහ මිතුරන් අතර සමීප සම්බන්ධතා වර්ධනයට එය උපකාරීවනු ඇත.

Bobble AI කීබෝඩ් 4.5 ක Play Store ශ්‍රේණිගත කිරීමකට සහ ක්‍රියාශීලී පරිශීලකයින් 50,000කට හිමිකම් කියයි.

ඊට අමතරව Bobble AI කීබෝඩ් හරහා ecosystem හවුල්කරුවන්ට තම ඩිජිටල් සේවාවන් සන්නාම හවුල්කරිත්වයන් යටතේ ප්‍රවර්ධනය කරගැනීමේ සුවිශේෂී අවස්ථාවක්  ලබාදී ඇති අතර  මෙය ව්‍යාපාරිකයින්ට සහ පරිශීලකයින් යන ද්විත්වයටම වාසි සලසනු ලබයි. ශ්‍රී ලංකාව තුළ  සහජීවනය වර්ධනය කිරීමේ Bobble AI හි දැක්ම වෙත ලඟා වීමට මෙම සන්නාම හවුල්කරිත්වයන් මහඟු පිටුවහලක් වනු ඇත.

ලන්ඩන් හි තාක්ෂණික උපදේශන සමාගමක් වන Lemon Advisors UK Ltd. හි මැදිහත් වීමෙන් Bobble AI සහ හච් අතර මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය ඇති වූ අතර EU, APAC සහ MENA  කලාපයන්හි ව්‍යාපාර වර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය සහය සහ ශක්තිය ලබා ගැනීමේ අරමුණෙන් මෙම වසරේ ජනවාරි මාසයේදී  Bobble AI සහ Lemon Advisors අතර හවුල්කාරිත්වය නිවේදනය කරන ලදී. Lemon Advisors UK රටවල් 38කට අධික ප්‍රමාණයකට තම සේවාවන් සපයන අතර ටෙලිකොම් සහ මාධ්‍ය, ෆින්ටෙක්, සෞඛ්‍ය, අභ්‍යවකාශ තාක්‍ෂණය සහ ගුවන් සේවා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි.

මෙම හවුල්කාරිත්වය පිලිබඳ අදහස් දක්වමින්, හච් හවුල්කරිත්ව සහ සන්ධාන සහකාර සාමාන්‍යධිකාරී ෆිරාස් මාකර් මහතා පැවසුවේ, ” පාරිභෝගික සම්බන්ධතා සඳහා සුවිශේෂී නායකත්වයක් උසුලන Bobble AI හා අත්වැල් බැඳගැනීමට ලැබීම අපට සතුටක්. කීබෝඩ් එක වර්තමානයේ ලෝකයේ ඕනෑම සන්නිවේදන උපාංගයක පළමු පාරිභෝගික සම්බන්ධතා මෙවලමයි. දේශීය භාෂාවන්ගෙන් මෙය සමන්විත වීම අපගේ පාරිභෝගිකයින් සහ හච් අතර සම්බන්ධතාවය වර්ධනයට හේතුවක් වෙනවා.” යනුවෙනි.

මෙම නිවේදනය පිලිබඳ අදහස් දක්වමින් Bobble AIහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අන්කිත් ප්‍රසාද් පවසා සිටියේ ” හච් හි මෙම හවුල්කාරිත්වය ගෝලීය වශයෙන් ටෙල්කෝ සහ ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයින් සමඟ  සහජීවනය වර්ධනය කිරීමේ Bobble AI හි දැක්මට සහයක්. තවද වේගවත් තාක්‍ෂණික උපයෝගීතාව, වේගවත් අන්තර්ජාල ව්‍යාප්තිය, ස්මාර්ට්ෆෝන් සඳහා ඇති ඉහළ ඉල්ලුම වැනි ගෝලීය ප්‍රවණතා නිසා ව්‍යාපාර ඔවුන්ගේ පාරිභෝගිකයින් සමඟ ගැඹුර සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සහ ඔවුන්ගේ සේවාවන් සඳහා පහසුවෙන් ප්‍රවේශවීමට කටයුතු යෙදීම ඉතා වැදගත්’ බවයි.

තව දුරටත් අදහස් දක්වමින් අන්කිත් පවසා සිටියේ, “ශ්‍රී ලංකාවේ සමස්ථ ඩිජිටල් පරිසර පද්ධතියේ දැවැන්ත විභවතාවයන් උපයෝගී කර ගැනීමටත්, දත්ත බුද්ධිය, සන්දර්භ වෙළඳ ප්‍රචාරණය සහ සන්නාම අලෙවිකරණය වැනි අංශවලට අනුග්‍රහය දක්වන අපගේ අද්විතීය ව්‍යාපාරික ආකෘතීන් හරහා දේශීය ව්‍යාපාර, වෙළඳ නාම සහ ඩිජිටල් සේවා සපයන්නන් සමඟ සහයෝගීතා වර්ධනය කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

Share

You may also like...