බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සිසුන්ගේ මානසික සෞඛ්‍ය නැංවීමට Study Group වෙතින් නව වැඩපිළිවෙලක්

ලොව ප්‍රමුඛතම අධ්‍යන කේන්ද්‍රස්ථානයක් වන එක්සත් රාජධානියේ අධ්‍යාපනය හැදෑරීමට උපාධි අපේක්ෂකයින්ගේ සිට දක්ෂ පශ්චාත් උපාධිධාරීන් දක්වා ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසක් සෑම වසරක් පාසාම සහභාගී වේ. බ්‍රිතාන්‍යයේ පවතින අධ්‍යනය විශිෂ්ටත්වය මෙන්ම එරට දී ශ්‍රී ලාංකික සිසුන්ට හිමිවන පිළිගැනීමද ඉතා ඉහළය. බහු සංස්කෘතික හා විවිධත්වයෙන් යුතු සමාජයක් අගය කරන බ්‍රිතාන්‍යයේ මේ වන විට COVID-19 සඳහා එන්නත් කිරීමද කාර්යක්ෂම සිදු කෙරේ.

මෙහිදී ශ්‍රී ලාංකික සිසුන් විසින්  අධ්‍යාපනය ලැබීම සඳහා බ්‍රිතාන්‍ය තෝරා ගැනීම පිළිබඳව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර උසස් අධ්‍යාපන අවස්ථාවන් පිරිනමන Study Group විසින් සිසුන්ට සිට කෘතඥතාව පල කර සිටින අතර ඔවුන් හොඳින් රැකබලා ගැනීම සහතික කිරීම සඳහා සාමූහික වගකීමක් පිළිගනී. පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සහ උපදේශන සේවාවන්ට ඇති බාධාවන් බොහෝ ජාත්‍යන්තර සිසුන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි ලෙස බලපා ඇති බව ඔවුන් හඳුනාගෙන ඇත. එහිදී සිසුන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කිරීමේදී විවිධ සංස්කෘතින් ඔවුන්ගේ මානසික සෞඛ්‍ය සමඟ සංයෝජනය වී ඇති බව අවබෝධ කර ගෙන ඇත. ඒ අනුව ජාත්‍යන්තර සිසුන්ට ඔවුන්ගේ ආයතනවලින් අඛණ්ඩව සහයෝගය ලැබෙන බවට සහතික වීම විශේෂයෙන් වැදගත් වේ.

මේ පිළිබඳව අදහස් දක්වන  Study Group හි බ්‍රිතාන්‍යයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ආචාර්ය මාක් කනිංටන් මෙසේ පැවසීය. ‘කොරොනා වයිරස් වසංගතයට එරෙහි සටනේදී ලොව ප්‍රමුඛ පෙළේ එන්නත් කිරීමේ වැඩසටහනට අනුව බ්‍රිතාන්‍යය පුරා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ඉතිහායේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරයි. මේ අවස්ථාවේ ශ්‍රී ලාංකික සිසුන් අතර  එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල වෙන කවරදාටත් වඩා ජනප්‍රිය වී තිබීම ගැන අපි බෙහෙවින් සතුටු වනවා. UCAS ට අනුව, එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල සඳහා ශ්‍රී ලංකා ශිෂ්‍ය අයදුම්පත් පසුගිය වසර කිහිපය තුළ පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබේ. එහිදී ඔවුන් අපේ රටට සාදරයෙන් පිළිගනිමින් විශ්ව විද්‍යාල ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි වන පරිදි සතුටින්, සෞඛ්‍ය සම්පන්නව හා විශ්වාසයෙන් යුතුව සිටීමට අවකාශය සැලසීම අපගේ යුතුකමයි.’

බ්‍රිතාන්‍යය වෙත ශ්‍රී ලංකාවේ හොඳම සිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා ශක්තිමත් අධ්‍යයන ප්‍රතිපාදන කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර වඩාත්ම වැදගත් වන්නේ රජයේ හා ආයතනික මට්ටමින් ශිෂ්‍ය සුභසාධනය කෙරෙහි යොමු කරන අවධානයයි.

 බ්‍රිතාන්‍යය රජයේ මෑත කාලීන ජාත්‍යන්තර අධ්‍යාපන උපායමාර්ගය අනුව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙස එක්සත් රාජධානිය අඛණ්ඩව ඉදිරියට ගමන් කිරීමේදී පැහැදිලිවම ශ්‍රී ලාංකික සිසුන්ට ඉහළ සහායක් ලබා දිය යුතු බව පෙන්වා දී තිබේ. යාවත්කාලීන කරන ලද උපාය මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මුලපිරීම් අනුව, එක්සත් රාජධානියට පැමිණි මොහොතේ සිට ශ්‍රී ලාංකික සිසුන්ගේ සමස්ත අත්දැකීම් වැඩිදියුණු කෙරෙන අතර ඔවුන්ට එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල ජීවිතයට පූර්ණ වශයෙන් සම්බන්ධ විය හැකි බව සහතික කරනු ඇත. සියළුම ජාත්‍යන්තර සිසුන්ට ඇති විය හැකි බාධක ඉවත් කර ඔවුන්ගේ අඛණ්ඩ යහපැවැත්ම සහතික කරමින් දශකයක් තුළ අධ්‍යාපනය සඳහා පැමිණෙන සිසුන් ප්‍රමාණය සියයට 75කින් ඉහළ නැංවීම මෙම ප්‍රතිපත්තියේ හි අරමුණයි.

Study Group සෑම විටම ශිෂ්‍ය සුභසාධනය උදෙසා ප්‍රමුඛතාවය දෙන සංවිධානයකි. එහිදී සෑම සිසුවෙකුටම ඔවුන්ගේ අධ්‍යාපන හා මානසික සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලිය හැකි  සුභසාධන නිලධාරියෙකු වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව හිමිකර දී ඇත. නුහුරු නුපුරුදු පරිසරයකට සම්බන්ධ වන විට ඔවුන්ට උපකාර කිරීම සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන අතර මානසික හා ශාරීරික යහපැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා  නිතිපතා බාහිර ක්‍රියාකාරකම් ද පවත් වනු ලැබේ.

Study Group හි කීර්තිමත් හවුල්කාර ආයතන අතර එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන ආයතනයක් වන Lancaster University වසරේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය ලෙස The Times and The Sunday Times Good University Guide 2020 විසින් නම් කරන ලදී. ශ්‍රී ලාංකික සිසුන්ට සුදුසු සුරක්ෂිත අධ්‍යාපන ගමනාන්තයක් එක්සත් රාජධානිය තුල ඇති කිරීම සඳහා  Lancaster විශ්වවිද්‍යාලය සිය කාර්ය භාර්ය ඉටු කරයි.

එක්සත් රාජධානියේ Lancaster University හී Cartmel College ජාත්‍යන්තර අධ්‍යක්ෂ සහ විදුහල්පති ටොම් බක්ලි, ශ්‍රී ලාංකික සිසුන්ට ආධාරක පරිසරයක් ඇති කිරීමේ වැදගත්කම පිළිබඳව සිය ඉදිරිදර්ශනය ඉදිරිපත් කළේය. ‘ලැන්කැස්ටර් විශ්ව විද්‍යාලයේ උපකාරක සහ ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමෙන් සිසුන්ට උපකාර කළ හැකි බව අපි සහතික කරන්නෙමු. ශ්‍රී ලංකාවේ සිසුන්ගේ අභිවෘදිය උදෙසා අපගේ විශ්ව විද්‍යාල පද්ධතිය සම්මත විශ්ව විද්‍යාල පරිත්‍යාගයන්ගෙන් ඔබ්බට ගමන් කරමින් දැඩි  සම්බන්ධතාවයක් සහ සහයෝගයක් ලබා දෙයි. අපගේ ශිෂ්‍ය නායකයින් පසුගිය වසරේදී ලොව පුරා සිටින තම සම වයසේ මිතුරන්ට සහයෝගය දැක්වීම සඳහා ඔවුන්ගේ සහය ලබා දී ඇති අතර ඉදිරි අධ්‍යයන වර්ෂය සඳහා වඩා ඉහළ පිළිගැනීමක්  දැනටමත් සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව මා බෙහෙවින්ම සතුටට පත්වනවා.’

ලැන්කැස්ටර් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ (ISC) යහපැවැත්ම සහ සහයෝගිත්ව නිලධාරී ජෝ රොබින්සන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‘ලැන්කැස්ටර් විශ්ව විද්‍යාලයේ ISC හි දී, ජාත්‍යන්තර සිසුන් මුහුණ දෙන මානසික අභියෝග සහ ඔවුන්ගේ අධ්‍යයන කාර්ය සාධනය කෙරෙහි එයින් ඇති වන බලපෑම පිළිබඳව අවධානය යොමු කෙරෙනවා. රට වසා තැබීමේ ක්‍රියාවලිය හේතුවෙන් අධ්‍යයන වර්ෂය පුරාම බොහෝ සිසුන්ට හුදකලා තත්වයකට මුහුණ දී මට සිදු වූ අතර අමතර අභියෝගයන් සහිත කාල පරිච්ඡේ’දය තුළ සිසුන්ට සහාය වීමට ISC පූර්ණ වශයෙන් සුදානම්ව සිටිනවා.’

ISC හි යහපැවැත්ම සහ ආරක්ෂණය සඳහා කැපවූ නිලධාරියෙකු සිටින අතර ඔහු සියළුම සිසුන්ගේ යහපැවැත්ම හා ගැටළු පිළිබඳව ISC සහ විශ්ව විද්‍යාලය අතර සම්බන්ධිකරණ කටයුතු කරයි. විශ්ව විද්‍යාලයෙන් පිටත චිකිත්සක සැසි ඇතුළු මානසික සෞඛ්‍ය ගැටලු රාශියක් පිළිබඳව පවතින තත්වයන් පිළිගැනීම තුළින් පහසුවෙන් ලබා ගත හැකි සම්පත් රාශියක් පවතී. එසේම සිසුන් උපදේශන සේවාවලට යොමු කිරීම සඳහා විශ්ව විද්‍යාලය සමඟ සහයෝගයෙන් කටයුතු සිදු කරයි. ඊට අමතරව, විභාග නිසා ඇතිවන පීඩනය අවම කිරීමට සහ අධ්‍යයන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වූ ශිල්පීය ක්‍රම වැනි මාතෘකා ආවරණය කරමින් වසර පුරා සැසිවාර එකින් එක පවත්වනු ලබයි

Lancaster විශ්ව විද්‍යාලය සෑම විටම ශිෂ්‍යයාගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය ලබා දෙයි. ඒ අනුව වර්තමාන ප්‍රතිපාදනය මඟින් සෑම විටම ශිෂ්‍යයින්ට සිය ගැටළු ඉදිරිපත් කිරීමට කෙනෙකු සිටින බවත් සෑම විටම උපකාර ලබා ගත හැකි බවත් සහතික වේ.

Share

You may also like...