Colombo Expats Cultural Association (CECA) විසින් දෙවන වරටත් ළමා ආරක්ෂණ නිවාස වල වෙසෙන දරුවන් වෙනුවෙන් සිය චිත්‍ර තරඟය දියත් කරයි.

ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය යන රට වලින් පැමිණි 160 කට ආසන්න පිරිසකගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකාව තුල පවතින විචිත්‍රවත් ප්‍රජාවකින් සමන්විත Colombo Expats Cultural Association විසින් දෙවන වරටත් ළමා ආරක්ෂණ නිවාස වල වෙසෙන දරුවන් රැසක් සදහා මෙහයවනු ලබන චිත්‍ර තරඟය සාර්ථක අන්දමින් සිදු කරන ලදී. මෙම අවස්ථාව අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අමාත්‍යංශය, පරිවාස හා ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව,ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු අනෙකුත් සහයෝගිතාවය දක්වන ආයතන රැසකගේ දායකත්වය යුතුව පැවැත් විය.මෙම අවස්ථාව 2021 අප්‍රේල් මස 10 වන දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුන අතර ඊට සමගාමිව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පියරිස් මහතා ද ඊට අමතරව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා, ගරු. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන අමාත්‍ය, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඇතුළු ගෞරවනීය සම්භාවනීය අමුත්තන් රැසක් සහිතව රමණීය සංස්කෘතික අංගයක්ද පැවැත්වුනි.

මෙම කලා තරඟයේ දෙවන වටය දිවයින පුරා ළමා ආරක්ෂණ නිවාසවලින් තෝරාගත් පළමු වටයේ විවිධ වයස් කාණ්ඩවල ජයග්‍රාහකයින් 60 දෙනෙකු සඳහා පවත්වන ලද අතර දෙවන වටයේ ජයග්‍රාහකයින්ට පෑන් ඒෂියා බැංකුව විසින් ඉතුරුම් ගිණුමක් ලෙස මුදල් ත්‍යාග පිරිනමන ලද අතර අනෙකුත් සියලු දෙනාටද   වැඩිහිටිභාවයට පත්වීමෙන් පසු මුදවා ගත හැකි අකාරයේ ඉතුරුම් ගිණුමක් ලෙස සැනසිලි ත්‍යාග පිරිනමන ලදී. බෙදා හරින ලද මුළු ත්‍යාග මුදල රුපියල් 1,185,000 කි. පෑන් ඒෂියා බැංකුව මෙම ඉතුරුම් ගිණුම් සඳහා විශේෂ පොලී අනුපාතයක් ලබා දෙන අතර එය කර්මාන්ත ප්‍රමිතීන්ට වඩා ඉහළ මට්ටමක පවතින අතර එය මෙම දරුවන් වැඩිහිටි වියට එළඹෙන විට ඔවුන්ට ජීවිතයේ ආරම්භයක් ලබා දීමට දරන ලද උත්සාහයකි.

මීට අමතරව, 2021 අපේ‍්‍රල් 10 වන දින එක් රාත්‍රියක් සඳහා ළමුන් සහ එක් රැකබලා ගන්නෙකු සමඟ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය සත්කාරකත්වය සපයන ලද අතර පසුදින ළමුන් 60 දෙනා සහ ඔවුන්ගේ රැකබලා ගන්නන් කොළඹ සංචාරයක් සඳහා රැගෙන යන ලදී. ස්කොප් සිනමා ශාලාවේ චිත්‍රපටයක් නැරඹීමට ඔවුන්ට අවස්ථාව ලැබුණු අතරම පසුව මැක්ඩොනල්ඩ්ස් විසින් දිවා ආහාරය සපයන ලදී. සහභාගී වූ සියලුම දරුවන්ට සෙල්ලම් බඩු සහ පහසුකම් සහිත තෑගි මල්ලක් ද ලබා දෙන ලදී.

තවත් පියවරක් ඉදිරියට යමින්, CECA විසින් ළමයින් පැමිණි සියලුම සත්කාරක නිවාස සඳහා ඩෙස්ක්ටොප් පරිඝනකය බැගින් සපයන ලදී. මෙම සත්කාරක නිවාසවල සියලුම දරුවන්ට කිසිදු බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමට හැකිවන පරිදි මෙය සිදු කරන ලද රට වසා දමන ලද කාලය තුළ මෙම දරුවන්ගෙන් බොහෝ දෙනෙකුට පරිගණකයකට ප්‍රවේශය නොමැති නිසා අන්තර්ජාලය හරහා අධ්‍යාපනය දිගටම කරගෙන යාමට නොහැකි වි තිබුණි.

සියළුම තෑගි බෑග් අයිතම සහ ඩෙස්ක්ටොප් පරිගණක CECA හි විවිධ සාමාජිකයින් විසින් සපයන ලදී.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් CECA හි සභාපති; කපිතාන් ඒ. බැනර්ජි මහතා මෙසේ පැවසීය. “රැකවරණ නිවාසවල ජීවත්වන මෙම දරුවන්ට වෙහෙස මහන්සි වී ඔවුන්ගේ හැකියාවන් නිසි ලෙස ප්‍රයෝජනයට ගත හොත්  වඩා හොඳ ජීවිතයක් ගත කළ හැකි බව පෙන්වීමට අපට අවශ්‍යයි. දැනට පවතින වසංගතය හේතුවෙන් සෑම කෙනෙකුටම පෙර නොවූ විරූ අභියෝග රැසකට මුහුණ දීමට සිදු වී ඇති අතර පාසල් වැසීම හේතුවෙන් මෙම දරුවන් ද පීඩාවට පත්ව ඇත. අප සහ අනුබ්ධිත ආයතන  විසින් සිදු කරන ලද මෙම මුලපිරීම මෙම දරුවන් කෙරෙහි කල්පවත්නා ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇති බවත් ඉදිරි වසර ගණනාව තුළ ඔවුන්ගේ ජිවිත තුල මෙම සොදුරු මතකයන් සදා අනුස්මරණිය වනු ඇති බවටත්  අප විශ්වාසය කරන්නෙමු”

මෙම අවස්ථාව  සංවිධානය කරනු ලැබුවේ මෙම දරුවන් ගතකරනු ලබන සහ ඔවුන් දකින ලෝකයට වඩා කැපවීම තුලින් ඔවුනට ලඟා කරගත හැකි ලෝකයක් ඇති බව ඔවුනට පෙන්වා දීමටය. සාර්ථක අනාගතයක් සහ සමාජයේ අභිවෘද්ධිය සඳහා අභිප්‍රේරණය අත්‍යවශ්‍ය කරුණක් බව CECA විශ්වාස කරයි.

ශ්‍රී ලංකා ප්‍රජාවට සේවය කිරීම සඳහා ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති රාශියක් CECA විසින් සිදු කර ඇත. CECA සිය පුරෝගාමී ප්‍රයත්නයන් අතර ළමුන් 1,311 ක් ආවරණය වන පරිදි ළමා ආරක්ෂණ නිවාස 52 ක් සඳහා වියළි සලාක ටොන් 15 ක් මාසයක් පුරා සැපයීය. නත්තල් සමයේදී ළමුන්ගේ නිවෙස් සඳහා සෙල්ලම් බඩු සහ ඇඳුම් බෙදා හැරීමේ වැඩසටහනක් ද  CECA විසින් පසුගිය වසරේදී “සැන්ටා රිටර්න්ස්” ලෙසින් ආරම්භ කරන ලදී.

Share

You may also like...