අද්විතීය විශේෂාංග වලින් යුත් ස්මාර්ට් ශ්‍රව්‍ය (Smart Audio) උපාංග පෙළක් Huawei වෙතින්

තාක්ෂණික නවෝත්පාදනයේ පෙර ගමන්කරු වන Huawei විසින්  නවතම ශ්‍රව්‍ය (Smart Audio) උපාංග පෙළක් ශ්‍රී ලාංකීය වෙළද පොලට හදුන්වාදී ඇත. මෙම උපාංග හදුන්වාදීමත් සමගම ඉහළ ඉල්ලුමක් සහ පරිශීලක ප්‍රසාදයක් හිමිවී ඇති අතර හදුන්වාදුන් එම මාදිලින් වන්නේ Hawei FreeBuds Studio, Huawei FreeLace Pro, Huawei FreeBuds Pro සහ Huawei Sound X වේ.

Huawei FreeBuds Studio යනු ක්‍රියාකාරී ශබ්ද අවලංගු කිරීම මගින්  ප්‍රබල බාහිර ශබ්ද අවලංගු කිරීමේ පද්ධතියක් සහිත හෙඩ්ෆෝනයකි.මෙය omni-directional 8 මයික්‍රොෆෝන පද්ධතියකින් නිර්මාණය කර ඇති අතර ඉහළ සංවේදීතා මයික්‍රොෆෝන 4 ක් දෙපස වැඩ කරන අතර, හෙඩ්ෆෝනය වඩා හොඳ ශබ්ද අවලංගු කිරීමක්  සඳහා සංසරණ ශබ්දය වඩාත් නිවැරදිව හඳුනා ගනී. කන් වල වායු පීඩනය සමතුලිත කරන එහි Tee Audio Tube (TAT) ව්‍යුහය සමඟ මෙය පැළද සිටීම ඉතා පහසුය. Huawei FreeBuds Studio විසින් මයික් 6 ඇමතුම් ශබ්ද අවලංගු කිරීමේ පද්ධතියක් ( 6 mic call noise cancellation system) සහිත නිසා ඝෝෂාකාරී පරිසරයක පවා ඇමතුම් කිසි බාදාවකින් තොරව ලබාගත හැක .  Huawei Free Buds Studio  සම්පුර්ණයෙන්ම charge වීමට ගත වන්නේ මිනිත්තු 60 ක් පමණක් වන අතර charge කිරීමකින් පැය 24 ක් දක්වා සවන්දීමට හැකිවේ.

Huawei FreeLace Pro යනු ඉතා දියුණු ක්‍රියාකාරී ශබ්ද අවලංගු කිරීමේ පද්ධතියක් සමඟ පැමිණෙන wireless earphone එකකි. පිටතින් එන බාහිර ශබ්ද ඇසීමට හැකිවන ලෙස පරිශීලකයන්ට ශබ්දය අවලංගු කිරීමේ ප්‍රකාරයෙන් මාරු විය හැකි awareness mode එකක්ද මෙහි අන්තර්ගත වේ. එහි මිලිමීටර් 14  dynamic driver එක නිසා තත්වයෙන් උසස් ශබ්දයක් ලබාදේ . Huawei FreeLace Pro හි magnetic design එක මඟින් පරිශීලකයින්ට දිගු බැටරි ආයු කාලයක් සඳහා earbuds සම්බන්ධ කිරීමේ තබාගැනීමේ හැකියාව ලබාදේ.

Huawei FreeBuds Pro , hybrid active noise cancellation තාක්ෂණය මගින් ශබ්ද අවලංගු කිරීමේ හැකියාව ලබාදෙන අතර  එයට  40dB දක්වා ශබ්ද අවලංගු කිරීමේ හැකියාව පවතී . මෙහි awareness mode මඟින් ශබ්දය අවලංගු කිරීමේ මාදිලියෙන් මාරු වී එය පැළඳ සිටියදීම බාහිර ලෝකය ශබ්ද  ඇසීමේ අවස්ථාව ලබාදේ . මෙහි පවතින 11mm high quality driver එක ඉහළ තත්වයකින් යුතුව ශබ්දයන් ලබාදෙන අතර ඔබට රිසිලෙස ඉහළ ගුණාත්මකබවින් සංගීතය රසවිදීමේ හැකියාව මෙමගින් ලබාදේ. එහි 3mic පද්ධතිය ඉතා පැහැදිලි ඇමතුම් සඳහා උපකාරී වන අතර Huawei FreeBuds Pro සංගීතය සහ ඇමතුම් පහසුවෙන් මාරුවීමට උපකාරී වන ස්මාර්ට් ස්පර්ශ පාලන පද්ධතියක් සමඟ පැමිණේ. මෙම තාක්ෂණය නිසා සරලව FreeBuds ස්පර්ශ කිරීම මගින් අසමින් සිටින ගීතය වෙනස් කිරීම, ගීත සහ දුරකථන ඇමතුම් අතර හුවමාරු වීම පහසුවෙන් සිදුකරගත හැක. Huawei FreeBuds Pro විවිධ වර්ණ තුනකින් ලබා ගත හැකිය: සෙරමික් වයිට්(සුදු), සිල්වර් ෆ්‍රොස්ට් (රිදී) සහ කාබන් බ්ලැක් (කළු) එම වර්ණයන් වේ.

Huawei Sound X යනු subwoofer දෙකක් සහිත Portable Speaker එකකි . මෙය යුරෝපයේ ශ්‍රව්‍ය උපකරණ සදහා ප්‍රචලිත Devialet සමාගම සමග එක්ව  Devialet’s Speaker Active Matching (SAM) තාක්ෂණය සමඟ පැමිණෙන අතර HD ශබ්දයන් හි ඉහළ තත්වය සහතික කර ඇත. එහි duel speakers නිර්මාණය කර ඇත්තේ දැවැන්ත කම්පන ඇති කිරීමට බලය සපයන magnetic rare earth materials වලින් ය. Huawei Sound Xහි Bass sound  40hz තරම් අඩු වේගයක් වුවත් ග්‍රහණය කරගනී. Huawei Sound X , Huawei Share තාක්ෂණය මගින්ද බලගැන්වීම සහ ක්‍රියාත්මක කිරීම සිදුකල හැකිය . Huawei Sound X හි පෙනුම ඉතා ආකර්ෂණිය වන අතර විනෝද උත්සවයන්හිදී භාවිතයට යෝග්‍ය කදිම portable speaker එකක් ලෙස සැලකේ.

මෙම ස්මාර්ට් ශ්‍රව්‍ය උපකරණයන්හි පවතින පොදු ලක්ෂණය වන්නේ යොදාගෙන ඇති ඉහළ තාක්ෂනය සහ අසමසම විශේෂාංගයන්ගෙන් යුක්තවී මයි . තවද තාක්ෂණික නිෂ්පාදනයේ නව මානයන් සොයායන බොහෝ දෙනාගේ පැසසුමක් ලක් වී ඇති මෙම උපාංග පෙළ දිනෙන් දින පරිශීලකයින් අතර ප්‍රචලිත වෙමින් පවතී . සිංගර් ප්‍රදර්ශනාගාර වලින් සහ දිවයින පුරා බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් Huawei  Freebuds Studio  රු . 59999.00 කටත් Huawei Freelace Pro  රු 19999.00 කටත් , Huawei Freebuds Pro  රු 34499.00 කටත් සහ Huawei Sound X  රු.57999.00 ටත් මිළදී ගත හැක . Daraz .lk මගින් online ඇණවුම් කරගැනීමේ හැකියාවද  පවතී.

Share

You may also like...