Singer සහ ASUS හවුල්කාරීත්වයෙන් 11th Generation Laptop ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Singer Sri Lanka සහ ASUS අතර ඇති හවුල්කාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ප්‍රථම වරට 11th generation laptop හඳුන්වා දී දෙයි. Singer හඳුන්වා දෙන මෙම ASUS  laptop, 11th Gen Intel processor  සහ වසර දෙකක ගෝලීය වගකීමක් සහිතව ඔබ අතට පත්වේ.

මෙම 11th Gen ලැප්ටොප් පරිගණකයන්හි සැකැස්ම ගත් කල එය සිහින් සැහැල්ලු ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර උසස්ම ගණයේ processor, Intel TGL platform හරහා නවතම විශේෂාංග ගෙන එමින් තාක්ෂණික වශයෙන් උසස් ක්‍රියාකාරිත්වයක් ගෙන දෙයි. ASUS හි Intelligent Performance Technology මගින් උපාංගයේ කාර්යසාධනය 40% දක්වා ඉහළ නැංවීමක් සිදු කෙරේ. ඒසේම අඛණ්ඩව මනා ක්‍රියාකාරීත්වයකින් යුතුව CPUහි ක්‍රියාකාරීත්වය ද ඉහළ නංවයි. තවද දවස පුරා දිගු බැටරි ආයු කාලයක් පවත්වා ගැනීමට ද මෙමගින් සහය ලබා දෙයි. මෙම උසස් ක්‍රියාකාරීත්වය මගින් ලැප්ටොප් පරිගණකයේ සිසිලන පද්ධතිය ද දවස පුරා මනා ක්‍රියාකාරීත්වයකින් පවත්වා ගනිමින් අපහසුතාවයකින් තොරව වැඩ කටයුතු කර ගැනීමට අවස්ථාව සලසයි.

ගෝලීය පරිගණක උපාංග දැවැන්තයා වන ASUS සහ Singer Sri Lanka අතර ඇති ශක්තිමත් හවුල්කාරීත්වය, මෙරට සිල්ලර වෙළඳ අංශය තුළ  සාර්ථකත්වයක් උදා කර ගෙන ඇත. ASUS සමාගම විසින් 2018 වසරේදී Singer Sri Lanka සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මහාපරිමාණ සිල්ලර වෙළඳාම් හවුල්කරු වශයෙන් පත් කර ගැනිණි. එහිදී 430කට අධික Singer ප්‍රදර්ශනාගාර සහ Singer Mega හා Singer Plus ප්‍රදර්ශනාගාර හරහා ASUS නිෂ්පාදන සඳහා තවදුරටත් වර්ධනය කල හැකි වෙළඳ ප්‍රවේශයක් ලබා ගැනීමට හැකි විය.

පරිගණක දෘඩාංග නිෂ්පාදනය කරන දැවැන්ත බහුජාතික සමාගමක් වන ASUS සමාගම ලෝකය cloud computing සංකල්පය සමඟ නව යුගයකට පිවිසෙත්ම පරිශීලකයින්ගේ පරිකල්පනය ඉක්මවා යාමේ දැක්මක් සහිත නව්‍යකරණය පිළිබඳව අවධානය යොමු කර තිබේ. ASUS සන්නාමය පාරිභෝගිකයින්ට විස්මය දනවන නව්‍ය නිපැයුම් රාශියක් හඳුන්වා දී ඇති අතර එය ලෝකයේ අංක එකේ motherboard සහ gaming laptop සන්නාම ලෙස, මෙන්ම ගෝලීය වශයෙන් notebook අලෙවිකරණයේ ඉහළින්ම සිටින වෙළෙද සමාගම් තුන අතරට ද එක්ව සිටී.

ASUS සමාගම මෑතකදී සිය නවතම 11th Gen laptop මාලාව යටතේ,  ASUS ZenBook 14 (UX425) වෙළද පොළට හදුන්වාදෙන  ලද අතර එය උසස්ම ක්‍රියාකාරිත්වයකින් පරිශීලක අත්දැකීම් ලබා දෙන ඉතාමත් පහසුවෙන් අතේ ගෙනයාහැකි අකාරයෙන් නිෂ්පාදනය කරණ ලද නිෂ්පාදන වලින් එකකි. ZenBook 14 ultralight මාදිලියේදී උපරිම බර කිලෝග්‍රෑම් 1.17 ක් වන අතර 13.9 mm තරම් සිහින් බවකින් යුතුය. මෙම මාදිලියේ තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එහි දිගු බැටරි ආයු කාලය වන අතර එය පැය 22 ක් දක්වා පවතී.

මෙම මාදිලියේ අනෙකුත් කැපී පෙනෙන ලක්ෂණ ලෙස hands-free login with IR camera විශේෂාංග හඳුන්වා දිය හැකිය. Ergolift hinge සහ edge-to-edge keyboard මගින් යතුරු ලියනය කිරීමේ පහසුව ගෙන දෙන අතර 2.0 සුවිශේෂී number padය ද මෙහි ඇතුළත්ය. ලැප්ටොප් පරිගණක බඳෙහි සියයට 90ක් පුරා විහිදුනු frameless four-sided NanoEdge display විශේෂාංගය ද සුවිශේෂී පරිශීලක අත්දැකීම් ලබා දෙනු ඇත. මීට අමතරව ZenBook 14’ හි USB-C Easy Charge විශේෂාංගය හරහා ultrafast charging පහසුකම් ලබා දී තිබේ.

ඉලෙක්ට්‍රොනික උපාංග මාදිලි 600 කට අධික ප්‍රමාණයක්, ගෘහ උපකරණ 1200 ක් සහ ජාත්‍යන්තරව පිළිගත් වෙළඳ නාම 50 කට අධික ප්‍රමාණයක්  සමගින් Singer Sri Lanka මෙරට සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස පෙරමුණ ගෙන සිටී. ඒ් අනුව www.singer.lk  ඊ-වාණිජ්‍ය වේදිකාව හරහා මේ වන විට මෙම සියලු භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව උදාකර දී ඇත. වෙළඳසැල් 430 කට අධික සංඛ්‍යාවක් ඇති Singer අලෙවියෙන් පසු හොඳම සේවා සපයන ප්‍රමුඛතම සමාගමක් බවට පත්ව ඇති අතර අඛණ්ඩව වසර දහතුනක් තිස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙළඳ නාමය ලෙස ජනතා සම්මානයෙන් පිදුම් ලබා ඇත.

මෙහිදී නව ASUS 11th Gen ලැප්ටොප් මාදිලිය දිවයින පුරා ඇති සියලුම Singer ප්‍රදර්ශනාගාරවලින් ලබා ගත හැකිය. Singer Sri Lanka සමාගමේ සේවා විශිෂ්ටත්වයේ ශක්තිමත්භාවය සමඟ අති නවීන නිෂ්පාදන අත්විඳීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට ලබා දීම සඳහා මෙම හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව ASUS සමාගම මහත් සතුටට පත්ව සිටි.

Share

You may also like...