“හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත් වූ ‍්“හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය පසුගියදා පැවැත්විණි. කොළඹ පිහිටි හච් මූලස්ථානයේ පැවති මෙම උත්සවයේදී, ඉකුත් මාස 6 ක කාලය පුරාම හච් පාරිභෝගිකයින්ගේ සාමාන්‍ය දැනුම උරගාමින් පැවැත්වුණු වැඩසටහන් මාලාවේ ජයග්‍රාහකයින් හට මෙලෙස ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබිණි.  

hSenid Mobile Solution‍s අනුබද්ධ BeyondM, මෙම වැඩසටහන් මාලාවේ මාධ්‍ය සහ සේවා හවුල්කරු වේ. BeyondM යනු, ලොව පුරා ව්‍යාප්ත පාරිභෝගික ජාලයක් සතු මෘදුකාංග නිෂ්පාදන සහ සේවාවන් සපයන සමාගමකි.

වැඩසටහන පැවැත්වුණු මාස 6 කාල පරිච්ඡේදය අවසානයේදී, කොළඹ හච් ප්‍රධාන කාර්යාලයේ ජයග්‍රාහකයින් තෝරා ගන්නා ලදී. ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනින් ඔවුන් ලබාගත් ලකුණු පදනම් කර ගනිමින්, දිනුම් ඇදීම මගින් එහිදී ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබිණි. ඒ අනුව, පළමු ජයග්‍රාහකයා ලෙසින් තේරී පත් වුණේ, කැලණිය පදිංචි ජේ. එම්. ඩබ්. ඒ. ධර්මරත්න ය. දෙවැනි හා තුන්වැනි ජයග්‍රාහකයින් ලෙසින්, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි එම්. එච්. එම්. නජුබුදීන් හා  පුත්තලම ප්‍රදේශයේ ඒ. එච්. ආර්. මොහොමඩ් තේරී පත් වූහ.  

හච් පාරිභෝගිකයින්ගේ සාමාන්‍ය දැනුම උරගා බලමින් පැවැත්වෙන මෙම “හච් දැනුමයි මිලියනයයි  වැඩසටහන හුදෙක්,‍් වටිනා ත්‍යාග හා සහතික පිරිනමන වැඩසටහනක් පමණක් නොවේ. ඒ සඳහා සහභාගි වන්නන්ට එය, විනෝදාස්වාදය ලබා ගන්නා අතරතුර ස්වකීය වටිනා කාලය කැපකරමින් සිය දැනුම වර්ධනය කර ගැනීමට මාහැඟි අවස්ථාවක්ද වෙයි. මේ සඳහා සහභාගි වීමට කැමැත්තෙන් සිටිනා හච් පරිශීලකයින් හට සිය ජංගම දුරකතනය මගින් WIN ලෙස type කර 6633 ට කෙටි පණිවිඩයක් එවීම මගින් තරගය සඳහා ලියාපදිංචි විය හැකිය. එසේත් නැතිනම් play store මගින් හච් යෙදවුම (app) ඩවුන්ලෝඩ් කර ඒ සඳහා ලියාපදිංචි වීමටද හැකියාව පවතී.  

හොංකොං මූලස්ථානය කර ගත් CK හචිසන් සමාගම අනුබද්ධ, දේශීය සමාගම වන හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා පුද්ගලික සමාගම, 2019 වසරේදී එටිසලාට් සමාගම අත්පත් කර ගැනීමෙන් අනතුරුව, සන්නිවේදන සේවා සැපයීම අතින් රටතුළ ඉතා සීඝ්‍ර දියුණුවක් අත්පත් කර ගැනීමට සමත් වූ සමාගමකි. ඒ හේතුවෙන් මේ වන විට 078 හා 072 යන අංක ද්විත්වය මගින්ම හච් පාරිභෝගිකයින් හට සන්නිවේදන සේවා සැපයීමට සමත් ව සිටින හච්, අනෙකුත් සන්නිවේදන සේවා සැපයුම්කරුවන් අතරෙහි කැපී පෙනෙන දුරකතන සේවා සන්නාමයක් වී තිබේ. එමෙන්ම, හච් විසින් මෑතක සිදු කළ දැවැන්ත 4G ව්‍යාප්තිය, සන්නිවේදන සේවා සම්බන්ධයෙන් සුවිශේෂී සන්ධිස්ථානයක්ද සනිටුහන් කරන්නකි. එමගින්, දැන් දිවයින පුරා විසිරී සිටිනා සියලු හච් පාරිභෝගිකයින් හට ‘දැවැන්ත හා සමීප’ සේවාවක් පිරි නැමීමට හච් කටයුතු කරයි.

ඡායාරූප විස්තරය-

වමේ සිට-

ෂෙහාරා මොරායස් (සහකාර කළමාණාකාර- පාරිභෝගික සේවා – Hutch), තෙවැනි ජයග්‍රාහකයා – ඒ. එච්. ආර්. මොහොමඩ්, පුත්තලම, ඉසුරු එදිරිමාන්නගේ- ගිණුම් කළමණාකාර (hSenidMobile Solutions), මරීනා එම්මානුවෙල් – (සහකාර සමාන්‍යාධිකාරී, පාරිභෝගික කටයුතු-Hutch), ප්‍රථම ජයග්‍රාහකයා- ජේ. එම්. ඩබ්. ඒ. ධර්මරත්න-කැලණිය, සමන් කුමාර- (මූල්‍ය අධ්‍යක්ෂ- hSenid Mobile Solutions), කසුන් ජයසූරිය (සහකාර කළමණාකාර- VAS- Hutch), දෙවැනි ජයග්‍රාහකයා – එම්. එච්. එම්. නජුබුදීන්- දෙමටගොඩ, ධනසිරි විජේදාස –  (VAS ප්‍රධානී- hSenid Mobile Solutions)

Share

You may also like...