ඩීමෝ, පාරිභෝගිකයන් සඳහා නවතම ඩිජිටල් අත්දැකීම් රැසක් එළි දක්වයි

ස්වකීය පාරිභෝගිකයින් හට හොඳම අත්දැකීම් ලබා දීම සඳහා වන කැපවීම යළි යළිත් සහතික කරන ඩීමෝ, මෑතදී ඩිජිටල් විසඳුම් ගණනාවක් හඳුන්වා දෙමින් පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම පිණිස ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කළේය.

 “ඩිජිටල්කරණය සඳහා සමාගමේ ආයෝජන වැඩි දියුණු කිරීමට තීරණය කර ඇති අතර, එමගින් පාරිභෝගිකයින් හට උසස් සේවාවක් අත් විඳිමින් ඩීමෝ නිෂ්පාදන සහ සේවා මාදිලි විශාල ප්‍රමාණයක් වෙත පිවිසීමට  හැකියාව සැලසෙනවා” යනුවෙන් ඩීමෝ හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා පැවසීය. “ඩීමෝ පාරිභෝගිකයින්ගේ වෙනස් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා සමාගම අති නවීන ඩිජිටල් විසඳුම් තුනක් හඳුන්වා දී තිබෙනවා. www.carsatdimo.lk වෙබ් අඩවිය, DeX Automotive යෙදවුම සහ www.dimoretail.lk වෙබ් අඩවිය ආදී සියල්ලම නවතම තාක්ෂණය උපයෝගී කර ගනිමින් විශිෂ්ටතම පාරිභෝගික අත් දැකීමක් සැලසීමේ සමාගමේ කැපවීම තවදුරටත් අවධාරණය කරමින් නිර්මාණය කර තිබෙනවා.” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෑතකදී දියත් කළ www.carsatdimo.lk වෙබ් අඩවිය, ඩීමෝ වෙතින් මිලදී ගත හැකි නවීනතම හා පාවිච්චි කරන ලද Mercedes-Benz හා Jeep රථවල සියලුම තොරතුරු ගැනුම්කරුවන්ට කිසිදු කරදරයකින් තොරව ලබා ගැනීමට අවකාශ සලසයි. එම වෙබ් අඩවිය භාවිතයෙන් පාරිභෝගිකයින්ට වාහනවල යාවත්කාලීන තොරතුරු දැන ගත හැකි අතර, විශේෂ දීමනා රාශියක්ද භුක්ති විඳිය හැකිය. Mercedes-Benz හා Jeep රථයක වර්තමාන හිමිකරුවෙකුට, එය ඩීමෝ වෙතින් හෝ තෙවන පාර්ශවයකින් මිලදී ගෙන තිබුණද, නවතම හෝ පාවිච්චි කළ Mercedes-Benz හෝ Jeep රථයක් වෙනුවට විකිණිය හැකිය. අවශ්‍ය නම්, සමාගමේ විශේෂඥ තක්සේරුවකින් පසුව, නව වාහනයක් මිලදී නොගෙන වුවද ඔවුන්ට එම වෙබ් අඩවිය හරහා තම වාහනය ඩීමෝ වෙත විකිණීමට හැකිය. ඩීමෝ වෙතින් මිල දී ගත් වාහන  සම්බන්ධ සියලුම සේවා හා නඩත්තු වාර්තා සමාගම සතුව පවතින බැවින්, පරීක්‍ෂණයක් සඳහා රැගෙන නොගොස්ම, ඩීමෝ විසින් නඩත්තු කරන ලද වාහනයෙහි තක්සේරු වාර්තාවක් ඉල්ලා සිටීමට පාරිභෝගිකයින්ට හැකියාව පවතී. වෙබ් අඩවියේ ලැයිස්තුගත කර ඇති ඕනෑම වාහනයක් හෝ දීමනාවක් පිළිබඳව විමසීමට අලෙවි විශේෂඥවරයකු සම්බන්ධ කර ගැනීම සඳහා පැය 24 පුරාම වෙන් කළ දුරකථන අංකයක් සහ WhatsApp අංකයක්ද ලබා දී ඇත.

DeX Automotive යනු Mercedes-Benz හා Jeep සහ Auto Lab ගනුදෙනුකරුවන් සඳහා ප්‍රමුඛතම අත්දැකීමක් ලබා දෙන ඩීමෝහි  නවතම ස්මාර්ට්ෆෝන් යෙදවුමයි.  

DeX Automotive ලෙස නම් කර ඇත්තේ DIMO Experience Automotive හි කෙටි නාමය වන අතර, එය Mercedes-Benz හා Jeep ඇතුළුව සියලු පාරිභෝගිකයින් සඳහා MercLife, JeepLife & AutoLab යන අංශ හරහා,  සුඛෝපභෝගී අත්දැකීමක් පාරිභෝගිකයින් හට ලබා දෙයි. Google Play Store හා Apple App Store මගින් DeX Automotive App යෙදවුම ඩවුන්ලෝඩ් කර ගත හැක. DeX Automotive වෙත පිවිසෙන නව ගැනුම්කරුවන්ද ඩීමෝ ඉතාමත් සාදරයෙන් පිළි ගනියි. 

මෙම යෙදවුම මගින්, නවතම Mercedes-Benz හා Jeep රථ මෙන්ම, ඩීමෝ සහතික කළ පාචිච්චි කළ වාහන පරීක්ෂා කිරීම, අලෙවි විශේෂඥවරයකු සම්බන්ධ කර ගැනීම, ටෙස්ට් ඩ්‍රයිව් සඳහා වේලාවන් වෙන් කර ගැනීම, වාහන සේවාවන් සඳහා වේලාවන් වෙන්කර ගැනීම හා අන්තර්ජාලය හරහා ගෙවීම් කිරීම මෙන්ම Mercedes-Benz හා Jeep රථ සඳහා නියම අමතර කොටස්‍ හා උපාංග ආදියද,‍් නවතම Mercedes-Benz හා Jeep රථ සම්බන්ධ තොරතුරු හා වීඩියෝ මෙන්ම සංගීතය සඳහා ප්‍රවේශ විය හැකි MercPlay, දේශීය හා ජාත්‍යන්තර පුවත් නැරඹීමේ අවස්ථා මෙන්ම, පැය 24 පුරා ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවය ආදී පාරිභෝගිකයින් හට වැදගත් වන විශේෂාංග රාශියක් පිරි නමයි. ඊට අමතරව, සියලුම සන්නාමවල මගී වාහන සඳහා AutoLab අංශය මගින් වාහන සේවාවන් සඳහා වේලාවන් වෙන්කර ගැනීම හා අන්තර්ජාලය හරහා ගෙවීම් ආදියද සිදු කළ හැකිය.

එසේම, මෑතකදී නිකුත් වූ එහි නවතම වාණිජ වෙබ් අඩවිය වන www.dimoretail.lk ලොව සුපතල සන්නාම රාශියක නිෂ්පාදන රැසක් එකම වහලක් යටින් ලබා දීම සඳහා නිර්මාණය වුණු ප්‍රමුඛතම වෙබ් අඩවියකි. එමගින් ගෘහ හා මුළුතැන්ගෙහි උපාංග, විදුලි හා ආලෝකකරණ උපාංග, ගෙවතු වගා උපකරණ, බල මෙවලම්, DIY උපාංග මෙන්ම, ටයර් හා වාහන විසඳුම්ද සපයනු ලැබේ. මෙම ප්‍රමුඛතම වෙබ් අඩවිය මගින් Black+Decker, Stanley, Siemens, STIHL, WD-40, Michelin, DIMO LUMIN, Penergetic සහ තවත් ලොව ප්‍රමුඛ සන්නාම ඉදිරිපත් කෙරෙයි. එමෙන්ම, නිෂ්පාදන පරීක්ෂා කිරීමට, අන්තර්ජාලයෙන් ඇණවුම් කිරීමට හා කඩිනමින් ගෙන්වා ගැනීමට මෙම වෙබ් අඩවිය මගින් පහසුවෙන් ඉඩ සලසා තිබේ. මෙම සෑම නිෂ්පාදනයක් සඳහාම DIMO Retail වෙතින් වගකීමේ සහතිකයක් පිරි නැමෙන අතර, අලෙවියෙන් පසු විශිෂ්ටතම සේවාවක්ද සැපයේ. 

මෙම වෙබ් අඩවිය භාවිතා කරමින් පාරිභෝගිකයින් හට විශිෂ්ටතම පාරිභෝගික අත්දැකීමක් ලබා ගත හැකි වේ. එමෙන්ම මෙම වෙබ් අඩවිය හරහා විශේෂ වට්ටම් සහ දීමනාද පාරිභෝගිකයින් හට හිමි වේ. මේ වන විට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බෙදා හැරීමේ සේවා සැපයෙන අතර, නුදුරු අනාගතයේ දී දිවයින පුරා සිය බෙදාහැරීමේ ව්‍යාප්තිය පුළුල් කිරීමට සමාගම අපේක්ෂා කරයි. නිෂ්පාදන 2,000 කට අධික ප්‍රමාණයක් සහ තවත් නිෂ්පාදන නිතිපතා එකතු කිරීමත් සමග DIMO Retail විශිෂ්ට පාරිභෝගික  අත්දැකීමක් ලබා දේ.

www.dimoretail.lk හි කැපී පෙනෙන අංගයක් වන්නේ, එය නිර්මාණය කර ඇත්තේ, සමාගමේ ඩිජිටල්කරණ විසඳුම් සපයන ‘ඩීමෝ ඩිජිටල්’ මගින් වීමයි. කොවිඩ් 19 හේතුවෙන් මාර්තු සිට ජුනි දක්වා ඇඳිරිනීතිය පැනවීමත් සමග සමාගම්වලට  ස්වකීය පාරිභෝගිකයින් හා සම්බන්ධ වීමට ඩිජිටල් විසඳුම් කිහිපයක්ම හඳුන්වා දීමට  ඩීමෝ ඩිජිටල් කණ්ඩායම කටයුතු කර තිබේ. ඊට අමතරව, ‘ඩීමෝ ඩිජිටල්’ මගින් අන්තර්ජාල ඉගෙනුම්, වෙබ් අඩවි නිර්මාණය කිරීම, පාරිභෝගික කටයුතු කළමණාකරණය සහ අලෙවි කළමනාකරණය, IoT සහ GPS ට්‍රැකින් සඳහා විසඳුම් ඉදිරිපත් කර තිබේ. සිය වත්මන් ක්‍රියාවලීන් හා මෙහෙයුම් ඩිජිටකරණය කිරීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින් ඉලක්ක කරගත් විසඳුම් (වෙබ් හා යෙදවුම් පාදක කරගත්),  සැපයීමටද ඩීමෝ ඩිජිටල් සමත්ව තිබෙයි.

Share

You may also like...