වටිනා තෑගි සහ විශේෂ ප‍්‍රතිලාභ රැසක් සමඟින් HNB සිඟිති ඉතිරුම් වසන්තය යළිත්

ඔක්තෝම්බර් 1 වනදාට යෙදෙන ලෝක ළමා දිනය මෙවරත් අර්ථාන්විතව සැමරීමේ අරමුණ පෙරදැරිව වටිනා තෑගි සහ විශේෂ ප‍්‍රතිලාභ සමග ඉතිරි කිරීමේ වැදගත්කම යළිත් අවධාරණය කරමින් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙවරත් තම බාලවයස්කාර ගනුදෙනුකරුවන් සමග එක්ව ලෝක ළමා දිනය අති උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය.

’‘මෙවර අපගේ ප‍්‍රධාන අරමුණ වන්නේ ඔක්තෝම්බර් මාසය තුළ ලෝක ළමා දිනය නිමිත්තෙන් දරුවන් වෙනුවෙන් ලබා දෙන ත්‍යාග හා ප‍්‍රතිලාභ ප‍්‍රවර්ධන කිරීම පමණක්ම නොවෙයි. සෑම වසරකම වගේ මෙවරත් ‘‘ගිෆ්ටෝබර්’’ ප‍්‍රවර්ධනයෙන් අප ප‍්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ අපගේ ඊළඟ පරම්පරාව තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කරන්න. විශේෂයෙන්ම, මෙම කොවිඞ් වසංගතයෙන් පසු අප දැකපු දෙයක් තමයි සෑම කෙනෙක්ම පාහේ තමන්ගේ ඉතිරි කිරීමේ ගිණුම්වල යම්කිසි මුදලක් ඉතිරි කර ගැනීමට උත්සාහ කරනවා. හදිසි අවශ්‍යතාවයක් නිසා ඇති වූ මෙම තත්වය අනාගත අයෝජනය සඳහා ද ඉතා හොඳ ප‍්‍රවණතාවක්. එම නිසා, මේ මොහොතේ අප කියන්න කැමතියි බාල වයස්කාර ගිණුමක යම්කිසි මුදලක් ඉතිරි කරලා දරුවන් වෙනුවෙනුත් ඒ ආයෝජනය කරන්න කියලා.’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වන HNB තැන්පතු ප‍්‍රධානී, විරංග ගමගේ මහතා පැවසුවේය.

‘‘HNB 1991 දී සන්නාමගත පළමු ළමා ඉතුරුම් ගිණුම හඳුන්වා දුන් දා පටන් වසර ගණනාවක් පුරා, ඉතිරිකිරීමේ පුරුද්ද සිසු සිසුවියන් අතර වර්ධනය කිරීමෙහිලා මූලික පියවර ගෙන කටයුතු කළේ අපියි. එනිසා, අප ගොෟරවයෙන් ඉල්ලා සිටින්නේ මේ ප‍්‍රවර්ධන කාලය තුළ අපගේ ශාඛාවන් වලට පැමිණ මේ අත්දැකීම විඳින අතර තුර රුපියල් 500ක් වැනි සුළු මුදලකින් ඔබට කැමති ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරන ලෙසටයි. එය ඔබගේ අනාගතය සුරක්ෂිත කරන ආයෝජනයක මුල් පියවර වේවි යැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

HNB සිඟිති ගිණුම හඳුන්වා දීමෙන් පසු එහි බාල වයස්කාර ගනුදෙනුකරුවන්ට වැඩි වටිනාකමක් හා පුළුල් පරාසයක ප‍්‍රතිලාභ ලබා දීම සඳහා සිඟිති කිරිකැටියෝ, සිඟිති සහ HNB TEEN ලෙස එය තවදුරටත් වර්ගීකරණය කොට ගිණුම් 3ක් ලෙස හඳුන්වා දෙන ලදී.

ඒ අනුව, අලූත උපන් බිළිඳුන් සඳහා විශේෂයෙන්ම නිර්මාණය කර ඇති ඉතිරි කිරීමේ ගිණුමක් වන ‘‘සිඟිති කිරිකැටියෝ” ගිණුම දරුවාගේ උපතෙන් මාස තුනක් ඇතුළත දෙමාපියන්ට, ආච්චි සීයා, හෝ වෙනත්  ඕනෑම ඥාතියකුට රුපියල් 1000 ක් තැන්පත් කිරීමෙන් දරුවා වෙනුවෙන් විවෘත කිරීමේ හැකියාව ඇත. සාමාන්‍ය ළමා ඉතුරුම් ගිණුමකට වඩා ඉහළ පොළී අනුපාතයක් මෙම ගිණුමට ලබා දෙන අතර ගිණුමේ ශේෂය මත දරුවන්ට උපන්දින තෑගි පිරිනැමීම ද මෙම ගිණුමේ ඇති විශේෂත්වයකි. එමෙන්ම එම ගිණුම ඇරඹීමේදී බැංකුව මගින් ද රුපියල් 1000කට නොවැඩි තැන්පතුවක් ලබා දීම ද විශේෂත්වයකි.

හැටන් නැෂනල් බැංකුවේ ‘‘සිඟිති ගිණුම’’ දරුවන්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරන අතර තුර ඉහළ පොලි අනුපාත, ආකර්ෂණීය තෑගි හා වටිනා තෑගි වවුචර ආදී නොයෙකුත් ප‍්‍රතිලාභ ද ලබා දෙයි. වර්තමානයේදී ශ්‍රී ලාංකික බැංකුවක් විසින් පිරිනමන විශාලතම ශිෂ්‍යත්ව අරමුදල වන HNB ‘‘දිරි දරු’’ මගින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව ජය ගන්නා සියලූම සිඟිති ගිණුම් හිමියන්ට රුපියල් 10,000ක් දක්වා මුදල් තිළිණ ද ලබා දීම සිදු කරයි. ඒ අනුව, මේ වසරේදී ද, 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ¥ පුතුන්ට ශිෂ්‍යත්ව විභාගයට පෙර ඔවුන්ගේ සිඟිති ගිණුමේ රුපියල් 10,000ක ශේෂයක් පවත්වා ගැනීමෙන් මෙම මුදල් ත්‍යාග සඳහා සුදුසුකම් ලබා ගත හැක.

‘HNB TEEN’ ගිණුම සැළකීමේදී එය වයස අවුරුදු 13 ත් 18 ත් අතර යෞවනයන් සඳහා වෙන්වූ ඉතිරි කිරීමේ ගිණුමක් වන අතර ගිණුමේ ශේෂය අනුව ගිණුම් හිමි දරුවන්ට තෑගි වවුචර හිමි වේ. තවද, HNB TEEN ගිණුම් හිමි දරුවන් GCE/London සාමාන්‍ය පෙළ/උසස් පෙළ විභාගවලින් ඉහළින් සමත් වූ විට HNB දිරි දරු ශිෂ්‍යත්ව යටතේ  රුපියල් 25,000ක මුදල් ත්‍යාග හිමි කර ගැනීමට ද සුදුසුකම් ලබයි.

මීට අමතරව, දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන මෙරට එකම බාල වයස්කාර ඉතුරුම් ගිණුම සිඟිති ගිණුම බවට පත් කරමින් දෙමාපියන් විසින් බැංකුවට ලබා දෙන ස්ථාවර නියෝග මත ක‍්‍රියාත්මක වන විශේෂ රක්ෂණාවරණයක් ද මෑතකදී HNB විසින් හඳුන්වා දෙන ලදී. ඒ අනුව, දෙමාපියන් විසින් දරුවාගේ සිඟිති ගිණුමට ලබා දෙන රුපියල් 1000 සිට රුපියල් 25,000ක දක්වා වන මාසික ස්ථාවර නියෝග සඳහා මෙම රක්ෂණාවරණය නොමිලේ හිමි වේ. යම් අවසනාවන්ත හේතුවක් මත දෙමාපියන් අහිමි වුවහොත් බැංකුව විසින් එම ස්ථාවර නියෝගය දරුවාට වයස අවුරුදු 18 වන තෙක් මාසික තැන්පතුවක් ලෙස පවත්වා ගෙන යනු ඇත.

හැටන් නැෂනල් බැංකුව විසින් ළමුන් සඳහාම ක‍්‍රියාත්මක කරන තවත් ආකර්ෂණීය ප‍්‍රවර්ධන වැඩසටහනක් වනුයේ ‘‘ගිෆ්ටෝබර් ඉතුරුම් ප‍්‍රවර්ධන මාසයයි”. 2020 සැප්තැම්බර් 17 වන දා සිට නොවැම්බර් 02 වනදා දක්වා මෙම ප‍්‍රවර්ධනය ක‍්‍රියාත්මක වේ. හැටන් නැෂනල් බැංකුවේ බාල වයස්කාර ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ඉතුරුම් ගිණුම් සඳහා වටිනා තෑගි හා තෑගි වවුචර සමග ඉතා ඉහළ ප‍්‍රතිලාභ ලබා දෙයි. සෑම විටම පාරිභෝගිකයාට උපරිම ප‍්‍රතිලාභ ලබා දීමේ හැටන් නැෂනල් බැංකුවේ දැක්ම අනුව යමින් මෙම වසරේ ඉතුරුම් ප‍්‍රවර්ධනය සඳහා පාසල් උපකරණ කට්ටල, පාසල් බෑග්, ට්‍රොලි බෑග්, sports බෑග්, MI ෆිට්නස් ට‍්‍රැකර්ස්, රන් පවුම් යනාදිය පිරිනැමීමට කටයුතු යොදා ඇත. එමෙන්ම, තම ගනුදෙනුකරුවන්ට උපරිම සේවයක් සැලසීමේ අරමුණින් HNB අබාන්ස්, සිංගර්, සොෆ්ට්ලොජික් සහ DSI, ලූමාලා හා DSI Bike යන ආයතන සමග සම්බන්ධ වී ඇති අතර මෙම වටිනා තෑගි වවුචර මගින් අදාළ ආයතනයන් හි  ඕනෑම ශාඛාවකින් භාණ්ඩ මිලදී ගත හැකිය.

Share

You may also like...