ඩයලොග් ආසිආටා හඳුන්වාදෙන ‘Couple Blaster’ – ලංකාවේ වාසිදායකතම Couple Plan එක සමඟින් Unlimited Calls සහ SMS

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ශ්රී ලංකාවේ වාසිදායකතම Couple Plan එක වන ‘Couple Blaster’ මොබයිල් plan එක හඳුන්වාදෙන ලදී. මෙම නව plan එක, සියලුම Dialog මොබයිල් පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ට මසකට රු.123 කට (බදු ඇතුළත්ව) ලබාගත හැක. මෙහි විශේෂතම වාසිය වනුයේ එක් අයෙක් Plan එක Activate කර අනෙක් අංකය රෙජිස්ටර් කිරීමෙන් දෙදෙනාටම දෙදෙනා අතර UNLIMITED CALLS සහ SMS හිමිවීමයි.

මොබයිල් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට මෙම plan එක රු. 123 ක් රීලෝඩ් කිරීමෙන් හා මොබයිල් පසුගෙවුම් පාරිභෝගිකයන්ට #171# ඩයල් කිරීමෙන් සක්‍රිය කරගත හැකි අතර, #171# හරහාම අදාළ මොබයිල් අංකය රෙජිස්ටර් කර ගත හැක. මෙහිදී රෙජිස්ටර් කරන අනෙක් අංකය ඕනෑම ඩයලොග් මොබයිල් පෙරගෙවුම් හෝ පසුගෙවුම් සම්බන්ධතාවයක් විය හැක. මොබයිල් පෙරගෙවුම් පාරිභෝගිකයන්ට එම අංකය මසකට එක්වරක් කිසිඳු ගාස්තුවකින් තොරව වෙනස් කිරීමටද ඉඩ සැලසේ. මොබයිල් පසුගෙවුම් පාරිභෝගිකයන්ට එම අංකය තමන් කැමති ඕනෑම අවස්ථාවකදී වෙනස් කිරීමට ඉඩ සැලසෙන අතර ඒ සඳහා එක් වරකට රු. 100 බැගින් ගාස්තුවක් අයවේ.

Unlimited වාසි ලබාදෙන Blaster පැකේජ අතරට එක්වූ නවතම සාමාජිකයා වන Couple Blaster පැකේජය අප රටේ තරුණ තරුණියන්ගේ අවශ්‍යතාවයන් මැනවින් හඳුනාගෙන ඒ අනුවම සකස් කර ඇති අතර, මෙම පැකේජය පවුලේ වැඩියෙන්ම අමතන අංකය හා අසීමිතව සම්බන්ධවීමටද යොදාගත හැක. මිලියන 15 කට අධික සිය පාරිභෝගිකයන්ට විශ්වසනීය මෙන්ම අඛණ්ඩ සම්බන්ධතාවයක් ලබාදීම වෙනුවෙන් ඩයලොග් ඉටුකළ කාර්යභාරයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙම නවතම Couple Blaster පැකේජය හඳුන්වාදීම සැලකිය හැකිය.

Share

You may also like...