vivo නවතම Y20 ස්මාර්ට් ජංගම දුරකථනය එළඹෙන ඔක්තෝම්බරයේ දී එළි දැක්වේ

  • vivo Y20  සුවිසල් 5000mAh බැටරියකින් බල ගැන්වේ.
  • (13MP+2MP+2MP) AI Triple Macro Camera සංයුතියෙන් සමන්විතය.
  • vivo Y20 හී පරිශීලක පහසුව වඩාත් උසස් කරවන තත්පරයකට අඩු කාලයකින් ස්මාර්ට් දුරකතනයේ අගුළු හරින Side-mounted fingerprint scanner වැනි විශේෂාංග රැසක් ඇතුළත් වේ.

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo සිය නවතම mid-range ස්මාර්ට් ජංගම දුරකථනය වන Y20 ලබන ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිතය. Y20 ය 5000mAh සුවිසල් බැටරි ධාරිතාවයකින් යුතුව බල ගැන්වේ. එහි කැමරා සංයුතිය 13MP + 2MP + 2MP  AI Triple rear camera පද්ධතියකින් සමන්විත වන අතර  macro සහ bokeh බහු මාදිලි camera විශේෂාංග මගින් ඔබේ ජිවිතයේ සෑම සුවිශේෂී අවස්ථාවක්ම බාධාවකින් තොරව ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය පරිපුර්ණභාවයෙන් යුතුය. vivo Y20 හී ඇති ප්‍රමුඛතම විශේෂාංගය වන්නේ AI power-saving technology හරහා දිගු කාලින බැටරි ආයු කාලයක් ලබා දීමයි. එලෙසම reverse charging පහසුකමද මේ මගින් ලබා දෙයි. එලෙසම Y20 හී නව Side-Mounted Fingerprint Scanner විශේෂාංගය මගින් තප්පරයකටත් අඩු කාලයක් තුළ ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ අගුළු හැරීමේ කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් පරිශීලක අත්දැකීම් උසස් තලයකට ගෙන විත් තිබේ.

vivo Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියෑං මහතා vivo හි නවතම හඳුන්වා දීම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “ vivo  හි Y මාදිලියේ ස්මාර්ට් ජංගම දුරකථන පවුලට එක්වන අලුත්ම සාමාජිකයා වන්නේ Y 20යයි. එය camera, සුවිසල් බැටරිය, ආකර්ශනීය වර්ණ, ultra-game mode සහිත විශේෂාංග රාශියක් සමගින් සාමාන්‍ය  මිල ගණන් යටතේ පරිපුර්ණ ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමට සමත් වනවා. තරුණ කේන්ද්‍රීය සන්නාමයක් ලෙස ගොඩ නැගෙමින් පවතින vivo, නව තාක්ෂණික ප්‍රවණතාවන් නිර්මාණය කරමින් ආකර්ශනීය ස්මාර්ට් ජංගම දුරකථන වඩාත් තරඟකාරී මිල ගණන් යටතේ ලබා දීමට අඛණ්ඩව නව්‍යකරණයන් සිදු කරමින් සිටිනවා. විශේෂයෙන්ම  Y20 නිර්මාණය කර ඇත්තේ පරිශීලකයාගේ එදිනෙදා ජීවිතය මුලික කර ගනිමින් eye protection screen සහිතව gaming functions සමග large size battery ක් මෙන්ම strong processor එකක් සහිතව පරිශීලක හිතකාමී සහ සුව පහසුව පිළිබඳ පුළුල් අවබෝධයක් සහිතවය.”

තාරුණ්‍ය කේන්ද්‍ර කරගත් vivo Y මාදිලිය නවීන තාක්ෂණය හා සමවැදුණු නවීන තාක්ෂණික දැනුමින් යුතු තරුණ පරපුරේ එදිනෙදා ජීවිතයට ආකර්ශනණීය විලාසිතාවක් බවට පත්ව තිබේ. පාරිභෝගික කේන්ද්‍රීය සැලසුම්කරණය සහ නවෝත්පාදනයන් කෙරෙහි වඩාත් අවධානය යොමු කරමින් සැහැල්ලු බවින් යුතු, සිනිදු හා සම්පුර්ණයෙන්ම ඔප දැමු හැසිරවීමට ඉතාමත් පහසු කාර්යක්ෂම බවකින් යුතු 2.5D ස්මාර්ට් ජංගම දුරකථනයකි. තරුණ පරම්පරාවේ එදිනෙදා ජිවිතයේ නව විලාසිතාවන්ට ගැලපෙන Obsidian Black සහ Nebula Blue යන  ආකාර්ශනිය ඇස් ඇදගන්නා සුළු වර්ණයන් දෙකකින් Y20 ස්මාර්ට් ජංගම දුරකථනය ඔබට ලබා ගත හැකිය. තවද ඔබගේ දෛනික ජිවිතයට පහසුව කැඳවන නව side-mounted fingerprint scanner විශේෂාංගය වැඩි දියුණුකරන ලද පරිශීලක හිතකාමී සුවිශේෂී පහසුකමක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙහිදී පරිශීලකයන්ට වැඩිදුර ආරක්ෂාව සඳහා, physical fingerprint sensor හෝ නවීන face unlock පහසුකම්ද භාවිතා කළ හැකි වේ.

මෙහි අඟල් 6.51 ක Halo Display සමඟ අක්ෂි ආරක්ෂණ (Eye Protection) විශේෂාංග ඇතුළත් කරමින් පරිශීලකයා ආරක්ෂා කරන උසස් ගණයේ screen එකක් ලබා දී ඇති අතර එමඟින් පරිශීලකයාට චිත්‍රපට නැරඹීමේ සහ high definition games play කිරීම සඳහා උසස් අත්දැකීමක් සපයයි.

 Y20 හි ඇති ප්‍රභල Qualcomm Snapdragon processor සමඟ 3GB RAM + 64 GB දත්ත ගබඩා කිරීමේ හැකියාව microSD card මගින් 256GB දක්වා ඉහළ නැංවිය හැකි අතර එමගින් ජවය සහ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමේ හැකියාව වැඩිවේ. මෙහිදී අඛණ්ඩ ප්‍රීතිමත් gaming experience ලබා දීම සඳහා දුරකතනයේ Ultra Game mode සමඟ පුළුල් පරාසයක විශේෂාංග රාශියක් ඇතුළත් කොට ඇත.

නවතම vivo Y20 ස්මාර්ට් ජංගම දුරකතය එළඹෙන ඔක්තෝමබර් මාසයේදී ලබා ගැනීමේ හැකියාව ඇත.

vivo යනු

vivo යනු ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර තාක්ෂණ සමාගමක් වන අතර එය ස්මාර්ට් උපාංග සහ බුද්ධිමය සේවාවන් සපයනු ලබයි. තාක්ෂණය හා විලාසිතා අද්විතීය හා නිර්මාණාත්මකව ඒකාබද්ධ කරනමින් ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනය සහ සේවාවන් ලබා දීම මගින් පරිශීලකයින් ඩිජිටල් ලෝකයට සම්බන්ධ කිරීමට උදෙසා vivo කැපවී සිටී. “නවෝත්පාදනයන්”, “පාරිභෝගික දැක්ම” සහ “benfen – යහපත සඳහා තාක්ෂණය ගොඩනැගීම” ඇතුළු සමාගමේ මූලික ප්‍රතිපත්තීන්ට අනුකූලව, vivo ජාත්‍යන්තර ව්‍යවසායක් බවට පත්වීමේ සිය ප්‍රමුඛ සහ දිගුකාලීන අභිප්‍රාය සාක්ෂාත් කර ගැනීම සඳහා  තිරසාර සංවර්ධන උපාය මාර්ගයක් ක්‍රියාත්මක කර තිබේ.

vivo හි මූලස්ථානය චීනයේ පිහිටා ඇති අතර Shenzhen” Dongguan” Nanjing” Beijing” Hangzhou” Shanghai” Taipei” Tokyo සහ San Diego හි පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන 9 ක් ඇත. මෙම මධ්‍යස්ථාන 5G ඇතුළු කෘතිම බුද්ධිය, කාර්මික සැලසුම්කරණය, ඡායාරූපකරණය සහ අනෙකුත් නැගී එන ක්ෂේත්‍ර. සඳහා අති නවීන පාරිභෝගික තාක්ෂණය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කර ඇත. දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව පුරා නිෂ්පාදන මුලස්ථාන පහක් vivo විසින් පිහිටුවා ඇති අතර චීනය සෑම වසරකම ස්මාර්ට් ෆෝන් මිලියන 200 කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. 2019 වන විට ලොව පුරා මිලියන 350 කට අධික ක්‍රියාකාරී පරිශීලකයින් පිරිසක් ආකර්ෂණය කර ගනිමින් vivo රටවල් 30 කට අධික සංඛ්‍යාවක් හරහා සිය විකුණුම් ජාලය සංවර්ධනය කර ගෙන ඇත.

Share

You may also like...